MAR
31
බීමත්ව මිතුරාට පහර දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

හොක්කයිඩෝ ප්‍රාන්තයේ නයෝරෝ ප්‍රදේශයේදී මිතුරෙකුගේ මුහුණට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා අලුයම 3.50 ට පමණ මොවුන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී තිබේ. පසුව සැකකරු සිය මිතුරාට පහර දී ඇත.
මොවුන් දෙදෙනා අතර ඇති සම්බන්ධය සහ බහින්බස් වීමට හේතුව කුමක් ද යන්න පිළිබඳව විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.
230 Views
Comments