MAY
16
බැරාඩෝ ගඟේ ගිලී තරුණයෙකු ජීවිතක්ෂයට

ඊයේ (15) සවස 6.40 ට පමණ Hokkaido අසල Ishikari නගරයේ බැරාඩෝ ගඟේ තරුණයෙකු ගිලී තිබේ.
ගිනි නිවන භටයින් විසින් කනිෂ්ඨ උසස් පාසල් සිසුවෙකු වන ඔහුව විනාඩි 20 කට පමණ පසු බේරා ගත් නමුත් ඔහු බරපතල තත්ත්වයෙන් රෝහලට ප්‍රවාහනය කර ඇත.
පසුව ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
Sapporo Kita පොලිස් ස්ථානයට සහ ප්‍රාදේශීය ගිනි නිවන ඒකකයට අනුව, ඔහු එම අවස්ථාවේ ගඟ අසල තම මිතුරන් සමඟ ක්‍රීඩා කරමින් සිට ඇති අතර ගඟට වැටුණු බෝලයක් ගැනීමට උත්සාහ කිරීමේදී දියේ ගිලී මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
232 Views
Comments