Chiba විශ්වවිද්‍යාලයේ තොරතුරු හා දත්ත විද්‍යා පීඨයක් පිහිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

Chiba විශ්වවිද්‍යාලයේ තොරතුරු හා දත්ත විද්‍යා පීඨයක් පිහිටුවයි

Chiba විශ්වවිද්‍යාලයේ තොරතුරු හා දත්ත විද්‍යා පීඨයක් පිහිටුවයි

තොරතුරු සහ දත්ත විද්‍යා පීඨයක් අලුතින් පිහිටුවන බව Chiba විශ්ව විද්‍යාලය 24 වන දින නිවේදනය කළේය.

 

ඒ අනුව 2024 අප්‍රේල් සිට නව සිසුන් බඳවා ගැනීමට සැලසුම් කරයි.

 

දත්ත විද්‍යාව යනු අතිවිශාල තොරතුරු ප්‍රමාණයක් එකතු කිරීම සහ විශ්ලේෂණය කිරීම තුළින් නව ඉදිරි දර්ශන සහ විසඳුම් ලබා ගන්නා ශාස්ත්‍රීය විෂයයකි.  

මේ සඳහා එක් අධ්‍යයන වර්ෂයකට උපාධි අපේක්ෂකයින් 100 ක් බඳවා ගන්නා අතර ප්‍රවේශ විභාගය වැනි විස්තර ඉදිරියේදී චිබා විශ්වවිද්‍යාල වෙබ් අඩවියෙන් ප්‍රකාශයට පත් කෙරේ.

 

views

260 Views

Comments

arrow-up