APR
25
ඉදිරි සතියේ වැසි ලැබෙන ලකුණු

දිවයින පුරා වැසි සහිත සහ වළාකුළු පිරි දින ගණන වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එළිමහන් විවේක කටයුතුවලදී ප්‍රවේශම් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
බොහෝ ස්ථානවල උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
එම නිවේදනයට අනුව ලබන 29 වනදා සිට 30 වනදා දක්වා දිවයින පුරා වැසි ඇති වන අතර වර්ෂාව හදිසියේම තීව්‍ර වීමේ අවදානමක් පවතී.
මැයි 1 සහ 2 පුළුල් ලෙස හිරු රශ්මිය අපේක්ෂා කරන අතර 03 වැනිදා සිට යළිත් රටපුරා වැසි අපේක්ෂා කෙරේ.
255 Views
Comments