ජපානයේ සිටින තරුණ පිරිසට කරන කාරැණික ආයාවනයයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

ජපානයේ සිටින තරුණ පිරිසට කරන කාරැණික ආයාවනයයි

ජපානයේ සිටින තරුණ පිරිසට කරන කාරැණික ආයාවනයයි

ජපානයේ ජීවත් වන Padma Yamada මහත්මිය විසින් ජපානයේ වාහන භාවිතය පිලිබඳ වැදගත් කරුණු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබේ.

 

ඒ බොහෝ තරුණ තරුණියන් ජපානයට පැමිණ අනතුරට ලක් වීම හේතුවෙනුයි.

 

අදාල කරුණු පහතින්. 

 

  • වලංගු වාහන බලපත්‍රයක් අතේ තියා ගෙන වාහන පදින්න
  • මාසයකට කුලියකට ගන්නා වාහන නොපදින්න.එය කූට වෙළඳුන්ගේ බිස්නස් එකකි.
  • තමා පදින වාහනය නීත්‍යානුකූලව ලියාපදිංචි කර පදින්න වග බලාගන්න
  • හිතවත්කමට කියු පලියට බලපත්‍ර අතේ නොමැතිව වාහන එලවන්න එපා
  • ලංකාවෙන් ගේන international driving licence එක වලංගු වන්නේ අවුරැද්දයි
  • International driving licence එක අලුත් කර කර වාහන පැදීම නීති විරෝධියි. වහාම එය නවත්වන්න
  • දීර්ඝ කාලීනව ඉන්නට බලාපොරොත්තු වන අය නොවරදවාම ජපන් ලයිසන් එක ලබා ගන්න
  • තමා පදින වාහනය තමන්ගේ නමට ලියාපදිංචි කර ගෙන පදින්න
  • වාහනයේ ලියාපදිංචි ලියවිල්ලේ (Shaken sho) අඩංගු මගීන් පමනක් වාහනයේ ගමන් කරන්න.මගීන් ගණන වැඩිපුර දාගෙන යාම දඩයකට යටත් වීමේ වරදකි
  • බීමත්ව රිය නොපදින්න(මෙය තරයේම සිත තබා ගන්න)
  • නිදිමතක් ආවොත් ලඟම තැනක නවතා විවේකයක් ගන්න
  • මාර්ග නීති වලට අනුව වේගය පිලිපදින්න (no high speed)
  • අනතුරක් සිදුවුවොත් ඒ සඳහා වන්දි මුදල් ලබා ගැනීම සහ වෙනත් ලබා ගැනීම් සඳහා නොවරදවාම වාහන රක්ෂණයක් දා ගන්න.මෙහිදි කලින්ම නියම උපදෙස් ලබා ගන්න
  • සැම විටකම නොවරදවාම මාර්ග නීති පිලිපදින්න මතක තබාගන්න.
views

360 Views

Comments

arrow-up