ජපානයේ ශීත කාලය අවසන් කළ හංසයන් නැවත ගම්බිම් කරා පියාසර කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

ජපානයේ ශීත කාලය අවසන් කළ හංසයන් නැවත ගම්බිම් කරා පියාසර කරයි

 ජපානයේ ශීත කාලය අවසන් කළ හංසයන් නැවත ගම්බිම් කරා පියාසර කරයි

උතුරු ජපානයේ ෆුකුෂිමා ප්‍රාන්තයේ ශීත කාලය ගත කළ හංසයන් වසන්තය උදාවත් සමඟ නැවතත් ආක්ටික් කලාපයට පියාසර කිරීමට පටන් ගෙන තිබේ.

 

ප්‍රාන්තයේ සංක්‍රමණික හංසයන් සඳහා ප්‍රධාන ගමනාන්තයක් වන ඉනාවාෂිරෝ විලෙහි හංසයන් 3,000කට වඩා වැඩි ප්‍රමාණයක් ශීත කාලය ගත කළහ.

 

වසර ගණනාවක් පුරා හංසයන් නිරීක්ෂණය කරන ප්‍රාදේශීය සංරක්ෂණ කණ්ඩායමක සාමාජිකයෙකු පැවසුවේ මේ වසරේ වෙනදාට වඩා සතියකට පමණ පෙර සංක්‍රමණය ආරම්භ වූ බවයි.  

 

මීළඟ ශීත සෘතුවේදී හංසයන් තම පැටවුන් සමඟ හොඳ සෞඛ්‍ය සම්පන්නව නැවත පැමිණෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසීය.

 

ප්‍රදේශවාසීන් පූර්ණ ගොවිතැන් කටයුතු ආරම්භ කරන මාර්තු මස අවසානය දක්වා හංසයන්ගේ නික්මයාම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

views

271 Views

Comments

arrow-up