ජපානයෙන් යුක්‍රේනයට ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

ජපානයෙන් යුක්‍රේනයට ආධාර

ජපානයෙන් යුක්‍රේනයට ආධාර

ජපානයේ ආධාර ඒජන්සිය යුක්රේන රජය සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත.

 

ඒ රට යළි ගොඩනැගීම සඳහා ඩොලර් මිලියන 165 ක පමණ ප්‍රදානයක් ලබා දීමට ය.

 

ඔන්ලයින් අත්සන් කිරීමේ උත්සවය බ්‍රහස්පතින්දා සිදු විය.  ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් JICA හි විධායක ජ්‍යෙෂ්ඨ උප සභාපති Yamada Junichi සහ යුක්රේනයේ යටිතල පහසුකම් අමාත්‍ය Oleksandr Kubrakov මෙම ලේඛනවලට අත්සන් තැබූහ.

 

බිම් බෝම්බ සහ පුපුරා නොගිය යුධෝපකරණ ඉවත් කිරීමටත්, රුසියානු ප්‍රහාරවලින් හානියට පත් යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමටත් අවශ්‍ය උපකරණ ලබාදීමට ජපාන රජය සැලසුම් කර තිබේ.  මේවාට බලශක්ති පහසුකම් මෙන්ම ජල හා අපජල පද්ධති ඇතුළත් වේ.  මෙම අරමුදල ඔන්ලයින් අධ්‍යාපනයට ආධාර කිරීම සඳහා ද යොදා ගැනේ.

views

242 Views

Comments

arrow-up