මත්පැන් සාදයකින් පසු සරසවි සිසුවෙක් මියයෑමේ සිද්ධිය අධිකරණයට

2017 වසරේ කින්ඩායි විශ්ව විද්‍යාලයේ ටෙනිස් සමාජයේ මත්පැන් සාදයකදී මත්පැන් පානය කළ යූටෝ ටොමෝරි හයාටෝ රිය අනතුරකින් මිය ගියේය.
පසුව ඔහුගේ දෙමාපියන් කින්ඩායි විශ්ව විද්‍යාලයෙන් යෙන් මිලියන 105ක් පමණ වන්දි ඉල්ලා නඩුවක් ගොනු කළහ.
පැමිණිල්ලට අනුව ටොමෝරි 2017 දෙසැම්බරයේ ඕසකා ප්‍රාන්තයේ හිගෂියෝසාකා හි සමාජ ශාලාවක මත්පැන් සාදයක දී 40% ක ඇල්කොහොල් අන්තර්ගතයක් සහිත බියර් සහ වොඩ්කා විශාල ප්‍රමාණයක් පානය කළේය.
පසුව තවත් මිතුරෙකු සමග නිවසට යමින් සිටියදී ඔහු අනතුරට පත්ව තිබුණි.
කෙසේවෙතත් මෙම නඩුව ඊයේ(17) ඕසකා දිසා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සමථයකට පත්වූ අතර මෙවැනි සිද්ධීන් නැවත ඇතිවීම වැලැක්වීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට විශ්වවිද්‍යාලය පොරොන්දු විය.
274 Views
Comments