MAR
11
ඇමරිකාවෙන් ජපානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයට 78 වසරක් සපිරේ

දෙවන ලෝක යුධ සමයේදී ජපානයේ අගනුවරට එල්ල කළ විනාශකාරී එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයේ 78 වන සංවත්සරය ඊයේ(10) දිනට යෙදී තිබුණි.
1945 මාර්තු 10 වන දින තෝකියෝවේ නැගෙනහිර නේවාසික ප්‍රදේශවලට හෙළන ලද B29 බෝම්බ ප්‍රහාරයෙන් 100,000 ක් පමණ මිය ගියහ.
මෙය සිහිපත් කරමින් ඊයේ තෝකියෝවේ සුමිඩා වෝඩ්හි අනුස්මරණ ශාලාවක දේව මෙහෙයක් පැවති අතර ඒ සඳහා 100ක පමණ පිරිසක් සහභාගි වූහ.
ඔටුන්න හිමි කුමරු, අකිෂිනෝ කුමරිය සහ තෝකියෝ ආණ්ඩුකාර කොයිකේ යූරිකෝ මෙන්ම වින්දිතයන්ගේ පවුල්ද මීට ඇතුළත් විය.
251 Views
Comments