ගුන්මා ශ්‍රී බුද්ධ ශාන්ති විහාරයේ වාර්ෂික වෙසක් පුණ්‍ය මහෝත්සවයට ඔබටත් ආරාධනා!
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

ගුන්මා ශ්‍රී බුද්ධ ශාන්ති විහාරයේ වාර්ෂික වෙසක් පුණ්‍ය මහෝත්සවයට ඔබටත් ආරාධනා!

 ගුන්මා ශ්‍රී බුද්ධ ශාන්ති විහාරයේ වාර්ෂික වෙසක් පුණ්‍ය මහෝත්සවයට ඔබටත් ආරාධනා!

ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවී ගොස් මේ එළඹෙනුයේ 2567 වන වෙසක් පුන් පොහෝයයි. 

 

ඒ වෙනුවෙන් , 

 

බුද්ධ ශාන්ති වෛශාඛ මංගල්‍ය (2023) 

 

ජපානයේ,

ගුන්මා ප්‍රාන්තයේ ,මිදොරි ගම්මානයේ පිහිටා ඇති බුද්ධ ශාන්ති විහාරයේ දී දවස පුරා ප්‍රතිපත්ති හා අමීස පූජාවන්ට මුල් තැන දෙමින් පැවැත්වේ. 

 

විහාරාධිපති තැන්පත් අවසරයි වැල්ලවත්තේ පඤ්ඤාසිරි නායක ස්වාමීන් වහන්සේගේ සහ විහාරීධිකාරී තැන්පත් අවසරයි මුන්දලමේ නාරද පොඩි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, 

 

2023 මැයි 6 සෙනසුරාදා දවස පුරා, 

 

-සීල සමාදාන වැඩසටහන් 

 

-ධර්ම දේශණා වැඩසටහන් 

 

-දහවල සම්බුද්ධ පූජාව 

 

-කාව්‍යමය ධම් දෙශණා 

 

-සවස තෝසේ වඩේ දන්සල 

 

-වෙසක් කූඩූ 150 ක ආලෝක පූජාව සහ වෙසක් කූඩූ තොරණ 

 

-විචිත්‍රවත් දර්ශණීය පහන් රටා වලින් බුදුන් වහන්සේ පිදීම 

 

-පහන් හත් දහසේ ,ජපානයේ දුර්ලභ ,ආලෝක පූජා පිංකමක් ආදී පිංකම් රැසක් එදින පැවැත්වේ. 

 

දිනය-2023 මැයි 6 සෙනසුරාදා උදෑසන 7 සිට 

 

ස්ථානය -ගුන්මා ප්‍රාන්තයේ මිදොරිශි හි බුද්ධ ශාන්ති විහාරයේ 

 

ජපානයේ වෙසෙන සියළු ශ්‍රීලාංකික ඔබ සැමට මෙත් සිතින් ආරාධනා 

 

(වෙසක් කමිටුව බුද්ධ ශාන්ති වෙහෙර)

views

286 Views

Comments

arrow-up