සවාරා ලංකාජි විහාරස්ථානයේ වෙසක් උත්සවය

2023 මැයි 14 දින සවාරා ලංකාජි විහාරස්ථානයේ වෙසක් දින සැමරුම් උත්සවය සංවිධානය කරන ලදී.
ඒ සඳහා ශ්‍රී ලංකා ජපාන මහාබෝධි සංගමයේ සභාපති, ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයේ සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස හිමියන්, ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
තානාපතිවරයා එහිදී විහාරස්ථානයේ බැතිමතුන් විසින් සංවිධානය කරන ලද දන්සල කිහිපයක් ද විවෘත කළේය.
සවාරා ලංකාජි විහාරය ජපානයේ පැරණිතම ශ්‍රී ලංකා ථෙරවාදී බෞද්ධ විහාරස්ථානයයි.ශ්‍රී ලාංකික සහ ජපන් ජාතිකයන් විශාල පිරිසක් වැඩසටහනට සහභාගි වූහ.
342 Views
Comments