AUG
17
පෙට්‍රල් මිල යෙන් 1.6කින් ඉහළට

ස්වභාවික සම්පත් හා බලශක්ති නියෝජිතායතනය විසින් ඊයේ (16) දින මෙම සතියට අදාල පෙට්‍රල් මිල ප්‍රකාශයට පත්කරන ලදී.
ඒ අනුව රට පුරා සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල යෙන් 181.9ක් වූ අතර එය පෙර සතියට වඩා යෙන් 1.6ක් වැඩි විය.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සහ අනෙකුත් සාධක හේතුවෙන් ඉහළ ගිය බොරතෙල් මිල තාවකාලිකව සමනය වීමත් සමඟ රජය ජුනි මාසයේ සිට සහනාධාර අනුපාතිකය ක්‍රමානුකූලව පහත හෙළමින් සිටී.
කෙසේ වෙතත් තෙල් නිපදවන රටක් වන සෞදි අරාබිය අතිරේක නිෂ්පාදන කප්පාදුව දීර්ඝ කර ඇති හෙයින් බොරතෙල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක පවතී.
464 Views
Comments