ඉංග්‍රීසි භාෂාව හා මිශ්‍ර වූ ජපන් බස

ජපන් භාෂාවේ ඇතැම් වචන ඉංග්‍රීසි භාෂාවෙන් ලබා ගත් ඒවා වන අතර එම වචන ඔවුන්ගේ භාෂාවට සරිලන ආකාරයට වෙනස් කොට ඇත.
උදාහරණ ලෙස cake-keki, skirt- sukato, bus-basu, necklace-nekulasu, chocolate-chocoreto, necktie-nekutai ආදී වූ විවිද වචන මේ ලෙස භාවිතා කරයි.
ඒ ආකාරයට ජපන් ජාතිකයන් විසින්ම සකසන ලද ඇතැම් වචන ඉංග්‍රීසි භාෂාවෙහි අභාෂය ගත්තද ඇත්තෙන්ම ඒවා ඉංග්‍රීසි ජතිකයන්ටද නොවැටහේ.
උදාහරණයක් ලෙස ජපන් ජාතිකයන් adoresu කියූ විට අපට හැගෙන්නේ අප පදිංචි ලිපිනය පිළිබද විමසන බවකි. එහෙත් ඇත්තෙන්ම එහිදී සිදු වන්නේ mail address එක ඉල්ලීමයි.
මෙවැනි අවස්ථා කිහිපයකටම මුහුණ දී අපහසුතාවයට ලක්වූ අවස්ථා බොහෝ ඇත.
491 Views
Comments