SEP
04
ජපන් දරුවන්ගේ පාසල් ගමන

ලංකාවේ දක්නට ලැබෙන පාසලකට ඇතුලත් කිරීමේදී දක්නට ලැබෙන තරඟකාරී ස්වරුපය ජපාන්යේනම් දක්නට නොලැබේ.
ජපානයේ සෑම දරුවෙකුම යා යුත්තේ තම නිවස අසල ඇති පාසලටය.
පාසල් යාමේදී පවා තම දරුවන් තනිව පාසල වෙත ගමන් කරවීමට දෙමාපියන් වග බල ගනී.
උදෑසන තම නිවස අසල සිටින යහළුවන් සමග එක්ව පා ගමනින් පාසල වෙත ගමන් කරන ජපන් දරුවන්ගේ දර්ශනය ඇත්තෙන්ම සිත් අද ගන්න සුළුය.
ලංකාව හා සැසදීමේදී මෙයද දැඩි ලෙස කැපී පෙනෙන අවස්ථාවකි.
ලංකාවේනම් පාසල් යන බොහෝ දරුවන් දෙමාපියන් සමග හෝ පාසල් ප්‍රවාහන සේවයක් මහින් පාසලට යෑම දක්නට ලැබේ.
557 Views
Comments