ලොව විෂම ගස පිළිබඳව ඔබ අසා තිබෙනවා ද ?

ලොව විෂම ගස නැතහොත් “මැන්චිනෙලා” මෙය ස්පාඤ්ඤ භාෂාවෙන් හැඳින්වෙන්නේ “මැන්චිනෙලා දෙලා මුවර්තේ” එහි අර්ථය මරණයේ පුංචි ඇපල් ගෙඩියේ යනුවෙනි .
ඇමරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, බහාමාස් සහ කැරිබියානු දූපත්වල ,මධ්‍යම ඇමරිකාවේ , උතුරු සහ දකුණු ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ මුහුදු වෙරළාශ්‍රිතව සහ මුහුදට නුදුරින් වගුරුවල හෝ මුහුදට නුදුරින් කඩොලාන වනාන්තර වල දක්නට ලැබෙන මේ ශාකය උසින් අඩි 50 ක් පමණ වෙයි .
“මැන්චිනෙලා ගස් කඳ රතු සහ අළු පැහැයක් ගනී. “මැන්චිනෙලා” පත්‍ර දීප්තිමත් කොළ පැහැයක් ගන්නා අතර මල් කහ සහ මිශ්‍ර කොළ පැහැයක් ගනී .සිත් ඇදගන්නා ඇදගන්නා සුළු පෙනුමක් තිබුනත් ගසේ සෑම කොටසක්ම විෂයි.
“මැන්චිනෙලා” ගසේ ගෙඩි කුඩා වන අතර කොළ පැහැයක් ගනියි .පෙනුමින් කුඩා ප්‍රමාණයේ ඇපල් ගෙඩියකට සමාන ය .මේ නිසා රස පළතුරක් යැයි සිතා මෙම ගෙඩි ආහාරයට ගැනීමෙන් අතීතයේ බොහෝ දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ.නමුත් මෑත කාලයේ කිසිවකුත් මැන්චිනෙලා ගෙඩි ආහාරයට ගෙන මිය ගිය බව වාර්තා වී නැත.ඒ මේ ගස පිළිබඳව හොඳින් දැනුවත් කර ඇති නිසායි. මැන්චිනෙලා අප රටේ දකින්නට ලැබෙන කදුරු ගස් වලට සමානය නමුත් මැන්චිනෙලා කදුරු පවුලට අයත් ශාකයක් නොවේ.
“මැන්චිනෙලා” ගෙඩි කෑමට ගනිද්දී මුලින් දැනෙන්නේ මිහිරි රසකි. මද වේලාවකින් අමුත්තක් දැනෙන්නට ගනී .සැර ගතියක් දැනෙයි .එම සැර ගතිය ක්‍රමයෙන් වැඩි වෙයි . මිරිස් කනවා හා සමානය .ඒ සැරට ඇස් වලින් කඳුළු ගලයි .ආමාශයට ගෙඩි කැබලි යද්දි ,ගෙඩියේ විෂ සහ ආමාශයේ විස හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වෙයි .හුස්ම ගැනීම අපහසු කරයි . මේ අයුරින් එය අහාරටය ගැනීමෙන් ජනයා මරනයට පත් වෙයි.
ෆ්ලොරීඩාවෙත් මධ්‍යම සහ ලතින් ඇමෙරිකාවෙත් මුහුදු වෙරළ තීරයේදී මෙම ගස් ඇත්නම් ඒවා අනතුරුදායක බව පවසමින් අනතුරු ඇඟවීම් පුවරු සවිකර තියනවා . මේ ශාකය ඇසට ප්‍රිය කරන පෙනුමක් තිබුනත් මාරක විෂ සහිත ගසක්. මෙය උග්‍ර විශ ශාකයක් බැවින් වැස්ස වෙලාවක මේ ගස යට රැඳී සිටීම පවා අනතුරුදායකයි.ඒ මැන්චිනෙලා ගසෙන් වෑහෙන කිරි සම මතුපිට තැවරුනොත් පිලිස්සී දියපට්ටා හට ගන්නා නිසායි .එසේ ම මෙම ගසට ගිනි ගිනි තැබීම ද ඉතා අනතුරුදායකයි .එම දුම් ඇස් වල තැවරුනොත් ඇස් වලට ද හානි වෙයි.මේ නිසා මරණය වෘක්ෂය යනුවෙන් මැන්චිනෙලා හැඳින්වෙයි.
by Dilki Shamani
Photo Source: Internet
829 Views
Comments