මුහුණු ආවරණ සම්බන්ධ නවතම විද්‍යාත්මක සොයාගැනීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
22

මුහුණු ආවරණ සම්බන්ධ නවතම විද්‍යාත්මක සොයාගැනීම

මුහුණු ආවරණ සම්බන්ධ නවතම විද්‍යාත්මක සොයාගැනීම

කොරෝනා වෛරස වසංගත සමග ලොව පුරා වැඩි දෙනා කතා බහට ලක් කළ සහ භාවිතයට ගන්නා දෙයක් තමයි මුහුණු ආවරණ කියන්නේ. ඉතින් මේ මුහුණු ආවරණ හා ඒවා පැළඳීමේ විද්‍යාත්මක පසුබිම ගැන කතා කරන්නයි මේ සූදානම් වෙන්නේ.

මේ පිළිබඳ වරින් වර ලොව පුරා විවිධ රටවල් වලින් අධ්‍යනයන් සිදුවී තිබෙනවා. ඒ අනුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද අධ්‍යනයකින් කියවෙන්නේ නිවසේදී සරලව සකස් කරගනු ලබන මුහුණු ආවරණයකින් පවා කොරෝනා වෛරසය ආසාදිත යම් පුද්ගලයකුගෙන් එය තවත් කෙනෙකුට හා පිටතට සම්ප්‍රේෂණය වීම අඩු කළ හැකි අතර ඉන් වෛරසයේ දෙවන රැල්ලක් ඇති වීම වළක්වා ගැනීමට ඉවහල් වන බවයි. මුල් අවදියේදී මුඛ ආවරණ වල ඵලදායි බව පිළිබඳ යම් යම් මතභේදාත්මක කරුණු අනාවරණය වුවත් දැන් තහවුරු වී ඇත්තේ මෙලෙස කුමන හෝ ද්‍රව්‍යකින් සකස් කරන ලද මුඛ ආවරණයකින් මුඛය සහ නාසය ආවරණය කිරීමෙන් හුස්ම පිට කරන දුර ප්‍රමාණය සියයට අනූවකට වඩා අඩු කරන බවයි.

රටවල් 16 කරන ලද අධ්‍යන 172 දත්ත විශ්ලේෂණය කර ද ලැන්සෙට් හි ජාත්‍යන්තර වාර්තාවකින් හෙළි වූයේ මුහුණු ආවරණයක් පැලදීමෙන් කොවිඩ් 19 වැළඳීමට 3% ක් අවස්ථාවක් පමණක් ඇති බවයි. ශල්‍ය මුහුණු ආවරණ, ශ්වසනය යන්ත්‍ර, සැහැල්ලු සහ බර වැඩ කිරීමේදී භාවිතා කරන මුහුණු ආවරණ, සහ අතින් සාමාන්‍ය ලෙස සකස් කරන ලද මුහුණු ආවරණ ඇතුළු එඩින්බරෝ විශ්ව විද්‍යාලය විසින් මුහුණු ආවරණ වර්ග හතක් මෙහිදී පරීක්ෂාවට ලක් කර තිබෙනවා. කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ මුහුණු ආවරණ පැළඳීමෙන් පමණක් මෙම වෛරසයෙන් ආරක්ෂා විය නොහැකි බවයි.

 

 

එංගලන්ත රජයේ නිල උපදෙස් වලට අනුව ශල්‍ය මුහුණු ආවරණ රැකියාවේ යෙදී සිටියදී ආරක්ෂාව සඳහා අවශ්‍ය පුද්ගලයන් සඳහා වෙන් කළ යුතු වෙනවා. මෙහිදී පරීක්ෂාවට ලක් කර ලද මුහුණු ආවරණ සියල්ලම පැළඳීමෙන් පසු පිටකරන හුස්ම ගමන් කරන දුර අවම වශයෙන් සියයට 90 කින් අඩු කරන බව සොයාගෙන තිබෙනවා. මේ නිසා ලොවපුරා සියලුම ජනතාව නිවසේ දී සකස් කර ගනු ලැබූ සරල මුහුණු ආවරණයක් හෝ පැළඳීම අනිවාර්ය කාරණයක් බව අනාවරණය වී තිබෙනවා. මෙම නවතම අනාවරණයත් සමඟ ලොව පුරා සියළු රටවල් කොරෝනා දෙවන රැල්ල මැඩලීමට මුඛ ආවරණය පැළඳීම හා ඒ සම්බන්ධ නීතිරීති දැඩි කිරීමට උත්සහ දරන බවද වාර්තා වෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : news.sky.com

views

932 Views

Comments

arrow-up