බැංකුවක ආරම්භය බංකුවෙන් ඇරඹුණු හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
13

බැංකුවක ආරම්භය බංකුවෙන් ඇරඹුණු හැටි

බැංකුවක ආරම්භය බංකුවෙන් ඇරඹුණු හැටි

එදිනෙදා ජීවිතයේදී අපට සාමාන්‍ය කටයුතු මෙන්ම ව්‍යාපාරික ගනුදෙනු කටයුතු වලදීත් ඉතාමත්ම වැදගත් සාධකයක් වන්නේ බැංකුව බව අපි කොයි කවුරුත් හොඳින් දන්නවා. එයින් සිදුවන්නේ සුවිශේෂී සේවාවක්. මුදල් ගෙවන්න, මුදල් තැන්පත් කරන්න, ජංගම ගිණුම් පවත්වාගෙන යාම මෙන්ම ජංගම දුරකථනය හරහා වුවද මේ බැංකු කටයුතු කරගැනීම ඉතා පහසු කාර්‍ය්යක් වී තිබෙනවා.

රටක ආර්ථික සංවර්ධනයට අතහිත දෙන මුදල් කටයුතු කරන ප්‍රධානතම ආයතනය " බැංකුව "යි.
ඊට අමතරව මුල්‍යමය කටයුතු සිදු කරන බැංකු , ණය දෙන සමිති, රක්ෂණ සමාගම්ද වෙනවා. මෙයින් ප්‍රධානතම කාර්‍ය්ය ලෙස මහජනතාවගේ මුදල් ආරක්ෂා කර දීමත්, මුදල් අවශ්‍ය වූ විට එම මුදල් ආපහු ලබා දීමත්, මුදල් ණයට ලබා දීමත් ආදිය සිදුකරනවා.

BANCA කියන ඉතාලි වචනය ඇසුරෙන් ඉංග්‍රීසි BANK යන වචනය නිර්මාණය වී තිබෙනවා. මුල් කාලයේදී ඉතාලියෙහි ණය ගනුදෙනු කළ පුද්ගලයින් ඒ සදහා සුවිශේෂී බංකුවක් භාවිතා කර තිබෙනවා.

මේ බංකුවට ඉතාලි භාෂාවෙන් BANCH යනුවෙන් හැදින්වුණා.

ලොවට මුලින්ම මේ බැංකු සංකල්පය හදුන්වා දුන්නේ ඉතාලියේ, වැනිසියෙහි ලොම්බාඩ් යන වෙළඳ කොට්ඨාශය විසින්. ඉතාලි රජය පසුව මෙම පිරිස සමගින් 1587 දී මුලින්ම බිහි කළ බැංකුව " බැන්කා ඩි රියෙල්ටෝ " ලෙසින් නම් කෙරුණා.

1609 දී ලොව දෙවන බැංකුව වන " බෑන්ක් ඔෆ් ඇම්ස්ටර්ඩෑම් " නෙදර්ලන්තයේදීත්, ඒ එක්කම තෙවන බැංකුව " බෑන්ක් ඔෆ් හැම්බර්ග් " ලෙස 1620 දී ආරම්භ කළා. මේ සියළුම බැංකු පෞද්ගලික වානිජ බැංකු විය.

1694 දී බ්‍රිතාන්‍යයේ පළවෙනි බැංකුව " බෑන්ක් ඔෆ් ඉංගලන්ඩ් " නමින් ආරම්භ විය. මෙය ආරම්භ කළේ බ්‍රිතාන්‍යයේ ත්‍රෙඩ් නිඩ්ල්ස් ස්ට්‍රීට් එකේ. ලොව ප්‍රසිද්ධ බැංකු සියල්ලක්ම පාහේ මේ වීදියේ පිහිටලා තියෙනවා. අද වන විට මෙය " ලොම්බාඩ් වීදිය " ලෙස හදුන්වන්නේ ඉතාලි වැනිසියේ
" ලොම්බාඩ් " වරුන්ට ගරු කිරීමක් පිණිස බව සදහන් වනවා.

 


- ලංකාවේ බැංකු ඉතිහාසය

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසීන් කෝපි වගාව ව්‍යාප්ත කිරීමත් සමඟම ලංකාවේ පළමු බැංකුව 1841 දී " ලංකා බැංකුව " නමින් විවෘත වුණා. මෙය ආරම්භ කළේ ලන්ඩන් නුවර ව්‍යාපාරිකයකු වූ විලියම් තොම්සන් නම් වූ පුද්ගලයා විසිනි.

රන් පවුම් 1,25,000 කින් පමණ පටන් ගන්න මේ බැංකුව අවුරුද්දක්වත් පවත්වාගෙන යන්නට බැරි වුණා. මෙයට සමගාමීව විවෘත වූ ඉන්දීය ජාතික බැංකුව පවා ඉක්මනින්ම වැසී ගියා. 1892 ඔරියෙන්ටල් බැංකුව පවා වැසී ගියා.

ඊට අමතරව 1885 දී හොංකොං ෂැංහයි බැංකු සංස්ථා හා චීන ඔස්ට්‍රේලියාවේ ලියා චාර්ටඩ් බැංකුව ලෙස බැංකු දෙකක් තම ව්‍යාපාරික කටයුතු ආරම්භ කළා. මේ සියළු බැංකු විදේශීය බැංකු වුණා.

 


ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යටතේ දේශපාලන කරලියෙහි භූමිකාවන්ට ශ්‍රී ලාංකික ප්‍රභූවරුන්ට ඉඩ සැලසුණා. මේ කාලයේදීම වානිජ බැංකු වෙළදුන්ට ණය දීමට අකමැති වූ නිසා දේශීය බැංකුවක අවශ්‍යතාවය තදින්ම මතුවෙන්නට පටන් ගත්තා.

එහි අවසානතම ප්‍රතිඵලය වූයේ රාජ්‍ය ආධාර ඇතිව ලක්ෂ 200 ක පමණ ප්‍රාග්ධනයක් යොදමින් 1931 අගෝස්තු 1 වන දින " ලංකා බැංකුව " නැවත ආරම්භ වීමයි. 1961 අංක 26 දරණ මහජන බැංකුව පනත යටතේ " මහජන බැංකුව " ආරම්භ කෙරුණා.

 

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

693 Views

Comments

arrow-up