සුරකිමු මල් වැනි දරුවන්...

ළමයින්ට එරෙහිව සිදුවන හිංසනය සහ ළමා අපචාර වැළැක්වීම පිළිබඳ ජාතික දිනය ජනවාරි මස 4 වැනිදාට යෙදී තිබේ. මෙවැනි දිනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් හෝ ඒ පිළිබඳ සමාජයේ අවධානයක් යොමු වීම ඉතා වැදගත්.
දිනෙන් දින මෙවැනි අපචාර සිදුවීම් වාර්තා වීම අඩු වන බවක් පෙනෙන්නට නම් නැහැ. කෙසේ වෙතත් රටක බලධාරීන්ට මෙන්ම සෑම පාර්ශවයකටම මේ පිළිබඳ අත්නොහළ හැකි වගකීමක් පැවරෙයි. දරුවකු සම්පූර්ණයෙන් තේරුම්ගත නොහැකි, දැනුවත් වී කැමැත්ත දිය නොහැකි, සංවර්ධනය අතින් සූදානම් වී නොමැති සමාජ සදාචාරයට හෝ නීතියට පටහැනි වන ආකාරයේ ලිංගික ක්‍රියාවක යෙදවීම ලිංගික හිංසනයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වයි.
දෙමව්පියන් අහිමි වූ දරුවන්, ලිංගිකත්වය සම්බන්ධයෙන් අමිහිරි අත්දැකීම් වලට මුහුණ දුන් දෙමාපියන්ගේ දරුවන් මෙන්ම තාවකාලික නවාතැන් වල සිටින දරුවන් බොහෝ විට මෙම අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙයි. මෙහිදී වැඩි වශයෙන් ලිංගික අපචාර වලට ලක් වන්නේ තම පවුලේ සාමාජිකයන්ගෙන් වීම විශේෂත්වයක්. මෙලෙස වැඩිහිටි ඥාතීන් දෙමවුපියන් සහෝදරයන් මිත්‍රයන් ආදී සමීපතමයන් අතින් එය වීමයි බලවත් ඛේදවාචකය වන්නේ.
කායික වාචික සහ මානසික වශයෙන් සිදුවන මෙම ලිංගික අපයෝජන වලට පිරිමි දරුවන්ට වඩා වැඩි වශයෙන් ගොදුරු වන්නේ ගැහැණු දරුවන්. දරුවෙකු සහ වැඩිහිටියෙකු අතර මෙන්ම දරුවෙකු සහ තවත් දරුවෙකු අතර මෙය සිදුවිය හැකිය. ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අනුව ළමයෙකු යන්න වයස අවුරුදු 18 ට අඩු ඕනෑම තැනැත්තෙක්. එහෙත් කලන අවස්ථාවේ සිට එනම් 0 - 18 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් ළමයින් ලෙස හඳුනාගත යුතු බවයි ඇතැම් අය පවසන්නේ.
මේ නිසා දරුවන් අපයෝජනයට ලක්වීම පිළිබඳ කතා කරන විට ගර්භණී සමයේ සිටම දරුවන් අපයෝජනයට ලක්වන බව අමතක නොකළ යුතු කරුණක්. බියකරු සිහින දැක බියට පත්වීම, ඉදිරිපත්වීමේ පසුගාමී බව, පෞද්ගලික ස්වස්ථතා පිළිබඳ සැලකිලිමත් නොවීම මෙන්ම සංවර්ධනයේ පිරිහීම් ලක්ෂණ පෙන්නුම් කිරීම අපයෝජනයට ලක් වන දරුවන් වෙතින් දිස්වන ලක්ෂණ කිහිපයක්.
මෙම තත්ත්වයෙන් දරුවන් මුදවා ගැනීමට නම් කළ යුත්තේ අපයෝජකයන්ගෙන් ආරක්ෂා විය යුතු ආකාරය මෙන්ම ඒ පිළිබඳ මනා දැනුවත් භාවයක් දරුවන් තුළ ඇති කිරීමයි. එසේම ආරක්ෂා වීමේ වගකීම දරුවන් වෙතම පවරා නොසිට දෙමව්පියන්ද තම අවධානය දරුවන් වෙත යොමු කිරීම වැදගත් වේ. කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමේදී මාධ්‍යය කරුවා තමා සතු සමාජ වගකීම හඳුනාගැනීම සියල්ලටම වඩා ප්‍රමුඛ අවශ්‍යතාවයක්.
By : Sachini Sooriyaarachchi
Photo Source : Internet
1002 Views
Comments