හාමතේ මිය යන මිනිසුන් අතර ධනවතුන්ගේ ආහාර අපතය

සතුන් මිනිසුන් වෙනසකින් තොරවකුසගින්න බලවත්ව දැනෙන දෙයක් වන විට ලොව පුරා මිලියනයක පිරිසක් නිතිපතා රාත්රියට කුසට යමක් රහිතව නින්දට යන බව එක්සත් ජාතීන්ගේ වාර්තා පෙන්වා දෙන බව ඔබ දන්නවාද?
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මේ පිළිබඳ දුෂ්කරතා සෑහෙන ප්‍රරමාණයක් වැඩි වී තිබේ. නමුත් දුප්පත් ජනතා ආහාර සපයා ගැනීම පිළිබඳ ලතවන විට දියුණු සමාජයන්හි පොහොසත් ජනතාව ආහාර නාස්ති කරමින් සිටී. මේ පිළිබඳ විවිධ අංශ බරපතළ විවේචන එල්ල කර තිබේ. මේ වසරේ හෙලොවින් දිනයට සැණකෙළි පවත්න විට ආහාරයට ගත හැකි වට්ටක්කා තොග වශයෙන් විනාශ කිරීම ගැන කරුණක් පිළිබඳ ලෝක ආර්ථික සංසදය පසුගියදා අනාවරණය කර තිබේ. ඒ අනුව ආහාරයට ගත හැකි තත්වයේ පවතින වට්ටක්කා ගෙඩි මිලියන අටක් බ්රිතාන්යයේ පැවැති සැණකෙළි අවසානයේ දී කසළ ගොඩට විසිකර ඇති බවත් මෙම වට්ටක්කාවලින් අඩුම තරමින් රසකැවිලි නිෂ්පාදනය කළ හැකි බව පරිසරවේදීන් පෙන්වාදී තිබේ. එංගලන්තයේ එක්තරා සමාගමක් ඉවත දැමූ වට්ටක්කා එකතු කර ඒවා භාවිතයෙන් බියර් නිපදවීමට උත්සාහ කර ඇති අතර ඉවතලන ආහාර ඇතුළු කාබනික දේ වලින් විදුලිය නිපදවන ආයතනයක් මෙම වට්ටක්කා එකතු කර විදුලිය නිපදවීමට අදහස් කරන බවත් ප්රකාශ කර තිබේ. පරිසර හිතකාමීන් පෙන්වාදෙන්නේ ගොවියන් වැර වෑයමෙන් වගා කරන ආහාර සෙල්ලමට හෝ විනාශ කිරීම සිදු නොකළ යුතු බවත් ඉන් ශ්‍රමය පමණක් නොව ඊට භාවිතා කළ පොහොර හා රසායනද අපතයකි.
ජනගහණය වැඩිවීම හා කාලගුණ විපත් යන ප්රධාන සාධක දෙක නිසා ලෝකයේ ආහාර මිල ගණන් ශීඝ්රයෙන් වැඩි වෙමින් තිබේ. විශේෂයෙන්ම ඉන්දියාව හා චීනය වැනි රටවල විශාල ජනගහණයක් ඇති බැවින් ආර්ථික දියුණුව සමඟ මෙම රටවල ජනතාවගේ පරිභෝජන රටාවන් විශාල ලෙස විවිධ වී තිබේ. මේ නිසාම පසුගිය කාලවලට වඩා ආහාරපාන පරිභෝජනය ඉන්දියාවේ හා චීනයේ වැසියන් අතර ඉහළ යාම නිසා ඔවුන් නිපදවන ආහාර ප්‍රමාණවත් නැති තත්ත්වයකට පත්ව තිබේ. මීට අමතරව කාලගුණ විපත් හේතුවෙන් වගාබිම් සහ නෙළන අස්වැන්න විනාශ වීමද බලවත් ගැටලු ඇති කරයි. සෙසු රටවලට සාපේක්ෂව ලංකාව හොඳ ආහාර සංස්කෘතියක් තිබුණු රටක් වන අතර අප අරපිරිමැස්ම ගැන පාඩම ඉගෙනගත්තේ මුළුතැන්ගෙයිනි.
නිවසේ ගෘහණිය කොස්, දෙල් පමණක් නොව දෙහි පවා ගස් යට වැටී විනාශ වෙන්නට ඉඩ නොදෙමින් ආහාර කල්තබා ගෙන ඒවා විනාශ නොකර තබා ගැනීමට ක්‍රම අනුගමනය කළාය. අතීතයේ ඉතා සරුවට පැවති මෙවැනො උරුමයන් අප දැන් අමතක කර තිබේ. එබැවින් මේ පිළිබඳ යලි බුද්ධිමත්ව සිතීමට කාලය එළඹ තිබේ.
by Dilki Shamani
Photo source : Internet
711 Views
Comments