බැක්ටීරියාවක් නිසා මියයන සිම්බාබ්වේ අලි ඇතුන්

සිම්බාබ්වේ විශාලතම ක්‍රීඩා උද්‍යානය අසල අද්භූත තත්වයන් යටතේ තරුණ අලි ඇතුන් 11 දෙනෙකු මියගොස් ඇති බව අනාවරණය වේ. ඊට හේතුව මාරාන්තික බැක්ටීරියා ආසාදනයක් බව මේ පිළිබඳ සිදුකළ මුල් රසායනාගාර පරීක්ෂණවලින් හෙළි වී තිබේ. ආහාර සෙවීමේදී අලි ඇතුන් මෙසේ මාරාන්තික බැක්ටීරියා වලට ආසාදනය වී ඇති බවට විශ්වාස කෙරේ, නමුත් ඔවුන් ආසාදනය වූ බැක්ටීරියා වර්ගය දැනට හඳුනාගෙන නොමැත.
මෙයින් අදහස් කරන්නේ තරුණ අලි බොහෝ විට තණකොළ හා ශාක කොටස් අනුභව කරන අතර එමඟින් බැක්ටීරියා වලට නිරාවරණය වන බවයි. මෙලෙස මරණයට පත් අලි ඇතුන්ගේ වයස මාස 18 ට අඩු සිට අවුරුදු පහක් හෝ හයක් දක්වා වූ බව වාර්තා වේ. සිම්බාබ්වේ ජාතික උද්‍යාන හා වනජීවී කළමනාකරණ අධිකාරියේ ප්‍රකාශක ටිනාෂේ ෆරාවෝ පැවසුවේ එම අලි පැටවුන්ට ගස් මුදුන් කරා ළඟා විය නොහැකි බව පෙනී යන බවයි. එබැවින් ඔවුන් ඕනෑම දෙයක් අනුභව කරන අතර සමහර අවස්ථාවලදී එය විෂ විය හැකි බවයි. මෙම මළ සිරුරු හ්වාන්ජ් ජාතික වනෝද්‍යානය සහ වික්ටෝරියා දිය ඇල්ල අතර පිහිටි පණ්ඩමාසු වනාන්තරයෙන් සොයා ගන්නා ලදී. මීට අමතරව දැඩි නියඟය හේතුවෙන්ද සිම්බාබ්වේ හි අලි සිය ගණනක් මිය යති.
මෑත වසරවල සිම්බාබ්වේ හි දඩයම්කරුවන් ඇතුන් දුසිම් ගනනක් විවිධ ක්‍රම වලින් මරණයට පත් කර ඇත්දළ සඳහා නීතිවිරෝධී වෙළෙඳුන්ට විකිණීම දැකගත හැකිවිය. නමුත් මෙම මරණ වලට හේතුව මෙලෙස දඩයම් කිරීම බව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ මියගිය සතුන් තවමත් ඔවුන්ගේ ඇත්දළ සහිතව සොයාගෙන ඇති බැවිනි. අලි ඇතුන්ට සයනයිඩ් විෂ වීම ද ප්‍රතික්ෂේප කරනු ලැබුවේ මළ සිරුරු පෝෂණය කරන උකුස්සන් ඇතුළු වෙනත් සතුන්ට කිසිදු බලපෑමක් සිදු නොවූ බැවිනි. ඒ අනුව මෙහි අලි ඇතුන්ගේ මරණයට හේතුව දැනට අනාවරණය වී නොමැත.
මෑත මාසවලදී අසල්වැසි බොට්ස්වානාහි අවම වශයෙන් අලි 350 ක් මිය යාමත් සමඟ මෙම තත්වය මුලින් යම් සමානකම් ඇති බව පෙනී ගොස් තිබේ. උතුරු බොට්ස්වානා හි ඔකවාන්ගෝ ඩෙල්ටාවේ අලි මරා දැමුවේ කුමක් දැයි නිශ්චය කිරීමට විද්‍යාඥයින් තවමත් උත්සාහ කරමින් සිටින අතර එහි සාම්පල එක්සත් රාජධානියේ විද්‍යාගාර වෙත යවා ඇත. සිම්බාබ්වේ සෑම වයස් කාණ්ඩයකම පිරිමි සහ ගැහැණු අලි මිය ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ජීවීන් මිය යාමට පෙර රවුමක ආකාරයෙන් නොසන්සුන්ව හැසිරෙන අයුරු ද ඔවුන් වාර්තා කර තිබේ.
by Dilki Shamani
source : news.sky.com
608 Views
Comments