සිරුර ලස්සන කරන හස්ත මුද්‍රා

මුද්‍රා යනු අතෙහි ඇගිලි විවිධ වූ ක්‍රමවේදයන්ට අනුව නිශ්චිත කාල වේලාවක් තබා ගෙන සිටීමයි. එසේ සිදු කරන මෙයට "හස්ත මුද්‍රා” යැයි කියනු ලැබේ. හස්ත මුද්‍රා "බුදු දහමෙහි” හා හින්දු ආගමෙහි මෙන්ම විවිධ සටන් ක්‍රම වලදී ද යෝගා වැනි ව්‍යායාම ක්‍රම වලදී අද ද භාවිත වේ.
අප අතෙහි ශරීර අභ්‍යන්තර අවයවවලට හා බාහිර අවයවවලට සම්බන්ධ නිල පවති. එම නිල තෙරපීමෙන් ශරීර අභ්‍යන්තර අවයව හා බාහිර අවයව මනා සේ උත්තේජනය වී ඒ ඒ අවයව ආශ්‍රිතව පවතින රෝග තත්වයන් මගහැරී ඔබගේ නිරෝගීභාවය වර්ධනය සඳහා වේ. මේ අතර තුර ඔබ යම් රෝගී තත්වයක් වෙන්නම් එම රෝග වෛද්‍ය ප්‍රතිකාර ගැනීම නොකඩවා කළ යුතුයි.
1. සිරුරේ බර අඩු කරන සූර්ය මුද්‍රාව
වෙදැගිල්ල නවා, මහපටැඟිල්ලෙන් වෙද ඇඟිල්ල තද කර සිටින්න. ඉතිරි ඇඟිලි දිග හැර තැබිය යුතුයි. සූර්ය මුද්‍රාවේ විශේෂත්වය වන්නේ තයිරොයිඩ් ග්‍රන්ථයේ කේන්ද්‍රීය ස්ථානය ප්‍රාණවත් වීමය. දිනකට දෙවතාවක් විනාඩි 05 ත් විනාඩි 15 ත් අතර කාලයක් මෙම ප්‍රතිකාරය ඔබට කළ හැකිය. මෙම මුද්‍රා භාවිතයෙන් ශරීරයේ බර අඩු කර ගැනීමට හැකියාව ලැබේ. ඔබට ශරිරයේ බර අඩු කර ගැනීම සඳහා මෙම හස්ත මුද්‍රාව භාවිත කරන්නේ නම් භාවිත කළ යුත්තේ දිනපතා ආහාර ගැනීමට විනාඩි 30 කට පමණ පෙර ය.
2. ඇස්වවල දීප්තිය වැඩි කර,දද, කුෂ්ඨ දුරු කර සිරුර පැහැපත් ව තබන වරැන් මුද්‍රාව
සුලැගිලෙහි මුහුණත මහපට ඇඟිලි මුහුණතින් ස්පර්ශ කිරීම මෙහිදී කළ යුතුය. එවිට ඉතිරි ඇඟිලි දිගු කර තිබිය යුතුය. වරුන් මුද්‍රාව සම හා සම්බන්ධ වෙයි.මෙම මුද්‍රාව තමන්ට පහසු වේලාවක, කැමැති වේලාවක් මෙය කළ හැකිය. මෙම මුද්‍රා ප්‍රතිකාරය සිදු කිරීමෙන් ඔබේ සමෙහි හා හිස දුරු කෙස්වල වියළි වෙයි. ඇස්වල දීප්තිමත් භාවය වර්ධනය වනු ඇත. කුරුළෑ, දද, කුෂ්ට හට ගැනීම අවම කරයි. සමෙහි කාන්තිමත් භාවය වර්ධනය කරයි. මෙම මුද්‍රාව භාවිතයෙන් සිරුරේ ජල ප්‍රමාණය ද සමතුලිත කරනු ඇත.
3. ශරීරයේ අධික කශ බව නැතිකරන මුද්‍රා ප්‍රතිකාරයක්
අධික ලෙස ශරීරය කෘශ හෙවත් කෙට්ටු පුද්ගලයන්ට ශරීරයේ බර වර්ධනය කර ගත හැකි නිලස්ථානයක් අතේ මහපටැඟිල්ල මත පිහිටා ඇති බව ඔබ දන්නවාද? වම් අතෙහි මහපටැඟිල්ලේ මුදුනත දකුණු අතෙහි මහපටැඟිල්ලෙන් ද, දකුණු අත්තෙහි මහපටැඟිල්ලෙහි මුදුන, වම් අතෙහි මහපටැඟිල්ලේ මුදුනින් ද තෙරපිය යුතුයි. මෙය විනාඩි 05 ක පමණ කාලයක් සිදු කළ යුතුයි. දිනකට දෙවරක් මෙම ප්‍රතිකාරය කිරීම තුළින් ඔබේ ශරීරයේ කෙට්ටු බව දුරුවී යනු ඔබට අත්විඳිය හැක.
By : Dilki Shamani
Photo Source : Internet
2822 Views
Comments