වෙළඳ තීරණ වලට භාෂාව බලපාන බව ඔබ දන්නවාද

භාෂාව හොඳ සන්නිවේදන මාධ්‍යයක් පමණක් නොවේ එය අපේ සිතුවිලිවලට විශාල බලපෑමක් කරනවා. සමහර අය ඒකභාෂික වන අතර ඇතැමුන් ද්විභාෂික හා බහුභාෂික වෙනවා. නවතම අධ්‍යනයන් පෙන්වා දෙන්නේ විදේශීය භාෂාවකින් කථා කරමින් හෝ ඒ භාෂාවෙන් තොරතුරු ලබා ගනිමින් ගන්නා වෙළඳ තීරණ තම මව් බසින් ගන්නා තීරණවලට වඩා පුළුල් ලෙස වෙනස් වන බවයි. මේ පිළිබඳ අධ්‍යනය මෙහෙයවන ලද්දේ තුර්කියේ Koc විශ්වවිද්‍යාලයේ Mustafa Karatas ඇතුළු පිරිසක් විසින්. ඔවුන්ගේ අධ්‍යයනයට අදාළ වන ලිපිය The journal of customer psychology නවතම කලාපය පළ වී තියෙනවා.
බොහෝ දෙනා හිතන්නේ වෙළඳාමේදී භාෂාව භාවිතා වැදගත් වන්නේ අදහස් හා දත්ත හුවමාරු මාධ්‍යයක් ලෙස පමණයි කියලා. එහෙත් ඊට තිබෙන්නේ සියුම් මනෝවිද්‍යාත්මක ක්‍රියාදාමයක් භාෂාවක ක්‍රියාත්මක වෙනවා. අපි මව් බසෙන් වෙළදාමට අදාල හුවමාරු කරගන්නා ගන්නා විට ගන්න තීරණ වලට වඩා හාත්පසින්ම වෙනස්කම් වලට විදෙස් බසකින් ඒ දේ කරන විට එලබෙනවා. සමහරවිට අලවිය පිළිබඳ බරපතළ තීරණ වෙනස් වලට පවා සන්නිවේදන භාෂාව හේතුවෙන්න පුළුවන්. පරීක්ෂකයා පෙන්වා දෙන්නේ මවුබසින් ගනුදෙනු කිරීමේදී ඇතැම් විට අලෙවිකරු හැඟීම වලට යටත්වී තමාගේ ව්‍යාපාරවල පාඩු කර ගන්නා අතර විදෙස් බසකින් ගනුදෙනු කරන විට ඒ ගැටලු මතු නොවන බවයි.
කාර් එකක් අයිතිව සිටින කෙනෙකු තුළ ඒ කාර් එකට අදාලව යම් බැඳීමක් ඇති වෙන්න ඕනේ. දිගු කාලයක් අයිති කරගෙන හිටිය දේ විකුණන්න කෙනෙකු තුළ දුකක් ඇතිවෙනවා. එසේ වන්නේ එය අහිමි වීමක් ලෙස හැඟෙන නිසා. මෙවැනි සිතිවිල්ලක් ඇති වූ විට ඇත්තෙන්ම පාඩුව වන්නේ භාණ්ඩ අයිතිකරුවාටමයි. මොකද එක්කෝ ඔහු එය නොවිකුණා නිකන් සිටිනවා. නැත්නම් ඔහු අධික මිලක් නියම කරනවා. එසේ අධික මිලක් නියම කරන්නේ තමා ළඟම තබා ගැනීමේ යම් අරමුණකින් වෙන්න පුළුවන්. මේ හරහා හෝ අන්තිමට සිදුවන්නේ භාණ්ඩ විකිණී නොයාම. මෙලෙස භාණ්ඩ විකිණිම හෝ අධික මිලක් නියම කිරීම වැනි දේ සිදු වන්නේ මවු බසින් තොරතුරු හුවමාරු කර ගැනීමේදී බවයි පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ. මේ බව තහවුරු කිරීමට පරීක්ෂකයන් පරීක්ෂාවක් සිදුකලා.
එම පරීක්ෂාවේ දී සිදුකරන ලද්දේ ඉංග්‍රීසි බස කතා කතාකරන හා ස්පාඤ්ඤ බස දෙවැනි බස සේ සලකන පුද්ගලයන් පිරිසක් තෝරාගෙන ඔවුන්ට වටිනා කෝප්පයක පින්තූරයක් පෙන්වීමයි. එසේම එය ඔවුන්ට අයිති දෙයක් ලෙස කල්පනා කරන ලෙස ද උපදෙස් දුන්නා. ඉන්පසු ඔවුන්ට උපදෙස් දුන්නේ එය විකිණීම සඳහා මිලක් නියම කරන ලෙසයි. එය ඉංග්‍රීසියෙන් හෝ ස්පාඤ්ඤ බසින් හෝ කළ හැකි වූවා. ඉංග්‍රීසි බසින් මේ මිල නියම කිරීම ආදිය කල අය ස්පාඤ්ඤ බසින් ඒ දෙය කළ අයට සාපේක්ෂව වැඩි මිලක් නියම කර තිබූ බව පෙනී ගියා. මේ හැම දෙනාටම පෙන්වා තිබුණේ එකම කෝප්පය වුවත් ස්පාඤ්ඤ බසින් ගනුදෙනු කළ විට සාපේක්ෂව අඩු මිලකට නියම කොට තිබුණා.
ඉතින් ඔබ ව්‍යාපාරයක දී භාවිතා කරන භාෂාවත් ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතු වන බව මින් පැහැදිළි වෙනවා.
by Dilki Shamani
Photo Source: Internet
450 Views
Comments