වසර 45000ක් පැරණි අපේ මානවයාගේ දුනු ඊතල තාක්ෂණය

පුරාවිද්‍යා සාධක අනුව මුලින්ම දුනු ඊතල භාවිතා කර ඇත්තේ අප්‍රිකා මානවයා. අප්‍රිකානු මහද්වීපයෙන් පිටතදී ආදී මානවයාගේ දුනු ඊතල භාවිතය පිළිබඳ පැරණිතම සාධක ලංකාවෙන් සොයා ගැනීමත් වාර්තා වෙනවා. මේ අධ්‍යනයට ලංකාව ඕස්ට්‍රේලියාව ජර්මනිය වැනි රටවල විද්‍යාඥයන් බොහෝ දෙනෙක් සම්බන්ධව සිටි බව වාර්තා වෙනවා. මෙරට විසූ ආදී මානවයා විසින් භාවිතා කරනු ලැබුවේ විශ්වාස කළ හැකි දුනු හී තුඩු වලට යොදාගෙන තිබූ අස්ථි කැබලි වල කාල නිර්ණය කිරීමෙන් මේ තීරණය කර තිබෙනවා. ඒ අනුව එම අස්ථි කැබලි වසර හතළිස් පන්දහසක් පැරණි යැයි හෙළි වී තිබෙනවා. ඒ අනුව අප්‍රිකා මහද්වීපයේ සිට මෙහි සංක්‍රමණය හෝමෝසේපියන් ආදී මානවයා විසින් දුන්න හා ඊතලය නිපදවා භාවිතයට ගනු ලැබ ඇතැයි තහවුරු වී තිබෙනවා.
දුනු ඉතල නිෂ්පාදනය කර ඇත්තේ වැසි වනාන්තර වල රුක්වැසි සතුන් දඩයම් කිරීම සඳහා මෙන්ම ඌරන් ගෝනුන් වැනි සතුන්ගේ අස්ථි කැබලි යොදා ගනිමින් සියල්ල නිර්මාණය කර තිබෙනවා. මේවා හමු වී තිබෙන්නේ බුලත්සිංහලගල පිහිටි පාහියන් ලෙනෙන් කරන ලද කැණීම් වලදී. ඊට අමතරව වළං කැබලි සතුන්ගේ අස්ථි වලින් තැනූ විදුම් කටු සොයාගෙන තිබෙනවා. ඒ විදුම් කටු අලිස් කටු වලට සමාන අතර ඒවා සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන්නේ රෙදි හෝ දැල්වීම සඳහායි. කැණීම් බිමෙහි තිබී හමු වුණු අනෙක් කෞතුක භාණ්ඩ අතරට පාට මිණි කැට ඇතුළු ඛනිජ ද්‍රව්‍ය වර්ණවත් කිරි කවඩි ඇතුළු වෙරළෙන් ගෙනෙන ලද විවිධ අලංකාර ද්‍රව්‍ය ද ඇතුළත් වී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් ලැබෙන සාක්ෂි වලින් තහවුරු වුනු දුනු හී නිපදවීම රෙදි වීම ආදී ආසියාවේ ඝර්ම කලාපීය වනාන්තර ඇතුළු වෙනත් විවිධ තැන් වලින් ද හමු වී තිබෙන බව මෙම අධ්‍යයනයේ සම කර්තෘ මයිකල් පෙට්‍රග්ලියා පැහැදිලි කර තිබෙනවා. ඔහු ජර්මනියේ විද්‍යාත්මක මානව ඉතිහාසය පිළිබඳ මැකස් ප්ලෑන්ක් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙකි.
පාහියන්ගල ලෙන 1980 ගණන්වල පටන් දකුණු ආසියාවේ ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක භූමියක් ලෙස සැලකුණා. ඔවුන් ආහාරයට ගත් දේවල්, ඔවුන් භාවිතා කල මෙවලම් සුරැකී පැවති නිවර්තන කලාපීය තැනක් යැයි මෙම අධ්‍යනයෙහි සම කර්තෘ ඔෂාන් වෙදගේ පෙන්වා දෙනවා. මෙහි ඇතැම් අස්ථි පුපුරා ගිය තැන් වලින් පෙනී ගියේ ඒවා තද පහරවල් වලට ලක් වීමෙන් ඇතිවූ ඇති වූ ඒවා බවයි ඔවුන් වැඩිදුර පෙන්වා දෙන්නේ.
by Dilki Shamani
source : Lankadeepa
1222 Views
Comments