ඔබේ මතකය වැඩි කරන හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
01

ඔබේ මතකය වැඩි කරන හැටි

ඔබේ මතකය වැඩි කරන හැටි

ඔබේ මතකය ගබඩා කරන සුවිශේෂී ස්ථානය ඔබේ මොළයයි. අපි ඉතා සාර්ථක ලෙස මතක තබා ගැනීමේ ක්‍රමවේද භාවිතා කළත් ඒ මතකය අමතක වීමට තවත් මනෝ විද්‍යාත්මක කරැණු රාශියක් බලපාන බව සමීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.


1. මතක ගබඩාවේ තොරතුරු පැටලීම


මොළය තුළ තොරතුරැ ගබඩා කිරීමේදී එක හා සමාන තොරතුරැවල තිබෙන සමාන ස්වරූප නිසා ඒවා නැවත මතකයට ගැනීමේදී නිසි ලෙස වෙන් කර ගැනීමට අපහසු වේ.


2. මතකයේ රැඳුන කරුණු ක්ෂය වීම


අපේ මතකයේ රැඳුණු තොරතුරු කාලය සමඟ ක්‍රමයෙන් ක්ෂය වී යාහැකිය. මීට ප්‍රධානම හේතුව අලුත් කරුණු මනසට ඇතුළත් වීමයි. මෙය හරියට පුස්තකාලයක පොත් ගබඩා කර තැබීම හා සමානය. පුස්තකාලයේ පොත් රාක්කවල ඉඩ මදි වූ විට පරණ පොත් අයින් කර අලුත් පොත් ඒ අතරට රිංගවයි. අපේ මතකයන් ඒ හා සමානයි.


3. තොරතුරක් මතක ගබඩාවෙන් එළියට ගැනීමට ආසන්න සලකුණක් නොමැති වීම.


අපේ මතකය තුළ ගබඩා කර ඇති තොරතුරැ එළියට ගැනීමේදීද වැදගත් තොරතුරැවලට අදාළ සලකුණු අර මතකයේ තබාගෙන ඇත්නම් පහසුවෙන් ඊට අදාළ තොරතුරු කාණ්ඩය මනසින් එළියට ගැනීමට පුළුවන.
ඔබටත් අමතක නොවීමට පහත සඳහන් ක්‍රම අනුගමනය කරන්න

 


1. හොඳින් සටහන් තබා ගැනීම.


ඔබ දේශනයකට ඇහුම්කන් දීමේදී ඉතාම වැදගත් කරුණු පමණක් සටහන් තබාගන්න. සියලුම දේ ලිවීමට යාම අසාර්ථක ක්‍රමයකි. හොඳින් අසා සිටීම ලීවීමට වඩා සාර්ථක ලෙස මතකයට යයි. මේ නිසාම යමෙකුගේ සටහනක් පසුව කියවීම එතරම් හොඳ ක්‍රමයක් නොවන බව ඔබට වැටහෙනු ඇත.


2. වැඩිපුර ඉගෙනීම


මින් අදහස් කරනුයේ ඔබ ඉගෙන ගතයුතු දැනුම් කාණ්ඩය පිළිබඳ ලැබිය යුතු දැනුමට වඩා ඉගෙනීමයි. අපි මෙහෙම හිතමු. ඔබට ඉගෙන ගැනීමට අවශ්‍ය මිනිසාගේ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය කියලා. එවිට කළ යුත්තේ ඔබ පොතේ හෘදය වස්තුව පිළිබඳ තිබෙන දැනුමට වඩා වැඩි දැනුමක් එකතු කිරීමට වෙනත් පොත් කිහිපයක් පරිශීලනය කිරීමයි.


3. හඬ නගා කියවීම.


කියවා අවසන් කර ඔබේ පාඩම් නැවත හඬ නගා කියවීම මතක තබා ගැනීමේ සාර්ථක ක්‍රමයකි. මීට හේතුව නම් මෙම මතකය මොළයේ වෙනත් ස්ථානයක ගබඩා වීමයි.


4. ව්‍යායාම ගැනීම.


ඉගන ගැනීමේදී නිසි ලෙස ව්‍යායාම කිරීම මතකය වැඩි කිරීමට බලපාන ප්‍රධාන සාධයකි. මීට හේතුව දැඩි ආතතිය වැඩ කිරීමට අවශ්‍ය මතකයට බාධා පමුණුවන නිසයි. සාර්ථක ලෙස ව්‍යායාමවල යෙදී විභාගවලට මුහුණ දෙන දරැවකු හොඳ ප්‍රතිඵල අත්කර ගන්න බව සමීක්ෂණවලින් පෙනීගොස් තිබේ.


ඒ අනුව මෙවැනි ක්‍රම අනුගමනය කරමින් ඔබේ මතකය වර්ධනය කරගන්න උත්සහ කරන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1593 Views

Comments

arrow-up