එංගලන්තයේ Oneweb ලංසුතැබීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
11

එංගලන්තයේ Oneweb ලංසුතැබීම

එංගලන්තයේ Oneweb ලංසුතැබීම

Oneweb අභ්‍යවකාශ තරගයෙන් පසුව එක්සත් රාජධානිය සිය ගෝලීය චන්ද්‍රිකා පද්ධතිය සුරක්ෂිත කිරීමට ගත් පියවරයන් පිළිබඳ පසුගියදා වාර්තා වුණා. මේ ඒ පිළිබඳ සටහනක්.

යුරෝපා සංගමයෙන් එංගලන්තය ඉවත් වී යාමට පෙර ගෝලීය අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමේ අවස්ථාවක් ලෙස එක්සත් රාජධානිය විසින් මෙහෙයවන ලද කඩා වැටුණු චන්ද්‍රිකාව සඳහා ලන්සුවක් තැබීමට කටයුතු සිදුකළා. ඩොලර් බිලියන දෙකක හිඟය පියවා ගැනීම සඳහා ආයෝජකයන්ගෙන් වැඩි මුදලක් රැස්කර ගැනීමට අපොහොසත් වීමෙන් පසු මැයි මස බංකොලොත්භාවයට පත් oneweb මේ හරහා ආරක්ෂාවට අවතීර්ණ වූවන් වෙද්දී සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් ලබා ගැනීමෙන් පසු මෙහි ඩොලර් බිලියන 400ක් ආයෝජනයක් සැලසුම් කරන බව ව්‍යාපාර බලශක්තියක් ආර්ථික උපාය මාර්ග දෙපාර්තමේන්තුව ගියදා ප්‍රකාශ කළා.

මෙම ලංසු ක්‍රියාවලියෙන් පසුව Oneweb පාලනය භාර ගැනීම සඳහා ඉන්දියාවේ දැවැන්ත ටෙලිකොම් සේවා සැපයුම්කරු වන භාරතීය එන්ටර්ප්‍රයිසස් මෙම ගිවිසුමේ කොටස්කරුවන් වී ඇති අතර ගිවිසුම සක්‍රිය කිරීම සඳහා තවමත් ඇත්තේ නියාමකයන් විසින් රබර් මුද්‍රා තබා අනුමත කිරීම පමණක් බව වාර්තා වෙනවා. අබුඩාබි රජයේ ආයෝජන අංශයක් වන සොෆ්ට්බෑන්ක් සහ මුබඩාලා වයිට්හෝල් හිනිලධාරීන් සමගද මෙහි තවත් කොටස් හිමියන්ගේ කණ්ඩායමට දායක වීම පිළිබඳ සාකච්ඡා කළ අයුරු පසුගිය බ්‍රහස්පතින්දා දිනෙක වාර්තා වුණා. මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් රාජධානිය බදු ගෙවන්නන්ගේ මැදිහත්වීම මෙහෙයවනු ලැබුයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධාන උපදේශක ඩොමිනික් කමිංස් විසිනි. පෘථිවි කක්ෂීය චන්ද්‍රිකා සමූහයක හිමිකාරත්වය තුළින් නොව චන්ද්‍රිකා තාක්ෂනය පිළිබඳණය පිළිබඳ පර්යේෂණ සංවර්ධන නිෂ්පාදනය සඳහා පුරෝගාමීහුවීම එක්සත් රාජධානිය අභිලාෂය බව වාර්තා වෙනවා.

 

 

ලෝකය පුරා රටවල් සඳහා පුළුල් බ්‍රෝඩ්බෑන්ඩ් සහ වෙනත් සේවාවන් සපයන ගෝලීය චන්ද්‍රිකා තාරකා මණ්ඩලයක් ඉදිකිරීම සම්පූර්ණ කිරීමට මෙම ගනුදෙනුවෙන් සමාගමට හැකි වේ යැයි අපේක්ෂා කරනවා. මෙම ගනුදෙනුව එරට ජාත්‍යන්තර සගයන් සමග සමග වැඩ කරමින් පුළුල් පරාසයක වෙනත් යෙදවුම් සමඟ ක්‍රියාකිරීමට එක්සත් රාජධානියට උපායමාර්ගික අවස්ථා සලසා දෙන බවයි අපේක්ෂා වෙන්නේ. මෙම ගනුදෙනුව මගින් ගෝලීය අවකාශයක් අත්පත් කරගැනීම තහවුරු කිරීම පිළිබඳ බ්‍රිතාන්‍යයේ අභිලාෂයන් අවධාරණය කරන අතර ගෝලීය චන්ද්‍රිකා සමූහයක් වෙත ඔවුන්ගේ ප්‍රවේශය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් බ්‍රෝඩ්බෑන්ඩ් සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව තිබෙනවා. පළමු වරට මෙම ගනුදෙනුව මගින් එංගලන්තයට ශක්තිමත් දියුණු නිෂ්පාදන තවදුරටත් සංවර්ධනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : news.sky.com

views

550 Views

Comments

arrow-up