චීනයෙන් අයිස්ලන්තයට ගිය තල්මසුන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

චීනයෙන් අයිස්ලන්තයට ගිය තල්මසුන්

චීනයෙන් අයිස්ලන්තයට ගිය තල්මසුන්

මේ සූදානම් වෙන්නේ චීනයෙන් අයිස්ලන්තයට ලබාදුන් අමුතු තෑග්ග පිළිබඳ විස්තර ඔබට කියන්න.
ආක්ටික් සාගරවල වාසය කරන, රංචු වශයෙන් පිහිනා යන බෙලුගා නම් සුදු පැහැති තල්මස් වර්ගයට අයත් පැටවුන් දෙදෙනෙකු චීනයේ සමුද්‍ර උද්‍යානයක සිට, අයිස්ලන්තයේ වෙරළ තීරය ආසන්න විවෘත මුහුදු පෙදෙසකට මාරු කර යැවීමට සත්ව ක්‍රියාකාරීහු පියවර ගනිමින් සිටිති.ඒ ඔවුන්ගේ ජීවිත කාලයෙන් වසර 10කට පමණ පසුව විවෘත මුහුදකට යාමට ලැබුණ අවස්ථාවකි.


ලිට්ල් ග්‍රේ’ සහ ‘ලිට්ල් වයිට්’ ලෙස නම්කර ඇති මෙම තල්මස් පැටවුන් දෙදෙනා අවුරුදු දොළහක් පමණ වයසැති ගැහැනු සතුන්ය. ඔවුන් සාගර ලෝකයේ සිට සැතපුම් 6,000 ක් දුරින් ගමන් කළ අතර එහිදී ප්‍රේක්ෂකයින් ඉදිරියේ ප්‍රසංගයක් පැවැත්වීමට පුහුණු කරන ලදී. චීනයේ සමහර පුහුණුකරුවන් වසර ගණනාවක් තිස්සේ ලිට්ල් ග්‍රේ සහ ලිට්ල් වයිට් සමඟ වැඩ කරන අතර ඔවුන්ගේ මෙම වෙන්වීම පිළිබඳ මෙසේ අදහස් දක්වා තිබේ.


"ඔවුන් පිටත්ව යාම දුටු විට අපට කණගාටුයි. නමුත් ඔවුන් ස්වභාවධර්මයෙන් පැමිණි අය බව අපට වැටහෙයි. එබැවින් මෙම ව්‍යාපෘතිය මඟින් ඔවුන්ට ආපසු ගෙදර යාමට ඉඩ සලසයි" යනුවෙන් ෂැංහයි හි ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු ඉකර් වැන්ග් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.


චීනයේ ෂැංහයි නුවර, චැන්ෆෙං සාගර මින්මැදුරෙහි මෙම තල්මසුන් දෙදෙනා පසුගිය වසර 9 තුළ රඳවා තබාගන්නා ලදී. චීනයට රැගෙන ඒමට පෙර ඔවුන්, රුසියානු තලමසුන් පිළිබඳ පර්යේෂණ ආයතනයේ සිටියහ.
මෙම විශාල තල්මස් පැටවුන් දෙදෙනාව අයිස්ලන්තය වෙත ප්‍රවාහනය කිරීම සඳහා පළමුව ලොරි රථද, අනතුරුව භාණ්ඩ ප්‍රවාහනය කරන කාගෝ ගුවන් යානාද, ඇදගෙන යන ටග් බෝට්ටුවක්ද යොදාගනු ලැබිණි. මෙම පැටවුන් දෙදෙනා ටොන් 1ක් පමණ බරකින් යුතු විය.

 


අයිස්ලන්තයේ, දකුණු වෙරළ තීරය ආසන්නයේ පිහිටි වෙස්ට්මන් දූපත් ආසන්නයේ, ක්ලෙට්ස්වික් බොක්ක ආශ්‍රිත තටාකයකට මෙම තල්මස් පැටවුන් මුදාහැරීමට නියමිතව ඇත.
බෙලුගා තල්මසුන් බුද්ධිමත් බවින් ඉතා ඉහළ තල්මසුන් විශේෂයකි. උච්ච ස්වරයෙන් හඬගෑමට සමත්බැවින් "Sea Canary" නමින්ද ඔවුන් හඳුන්වයි. කැනරි යනු මිහිරි හඬින් ගී ගයන තියුණු හඬක් ඇති කුරුල්ලන් විශේෂයකි. මොවුන් වසර 70ක පමණ කාලයක් ජීවත්වන බව සැලකේ. බෙලූගා තල්මසුන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ලෙස නොසැලකෙන නමුත් දඩයම් කිරීම, වාණිජ තල්මසුන් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් තර්ජනයට ලක්ව ඇත. එබැවින් මෙම සත්ව විශේෂය වෙනුවෙන් ගනු ලැබූ පියවරට බොහෝ දෙනගේ යහපත් ප්‍රතිචාර ලැබීතිබේ.

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

750 Views

Comments

arrow-up