කිරිබොන මකුළුවන්

ඔබ දකින මකුළුවන් අතර කිරි දෙන මකුළුවන් සිටින බව ඔබ දන්නවාද? විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.තම පැටවුන් කිරි දී පෝෂණය කරන මෙම ක්ෂීරපායී මකුළුවා පනින මකුළුවන් හෙවත් Jumping Spider ලෙස හඳුන්වන අතර සත්ත්ව විද්‍යාත්මකව Toxeus magnus ටොක්සෙස් මැග්නස් නමින් හඳුන්වයි.
චීන විද්‍යා ඇකඩමියේ ශන්කි චෙන් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මෙම මකුළුවන් තම පැටවුන්ට කිරි දෙන සත්ත්ව විශේෂයක් බව පර්යේෂණයක් මගින් තහවුරු කර ඇති අතර ඒ බව ජාත්‍යන්තර විද්‍යා සඟරාවේ නොවැම්බර් 30දා කලාපයේ සඳහන් කර ඇත. 1933 වර්ෂයේ දී තායිවානයෙන් පළමුවරට සොයාගත් මේ මකුළු විශේෂයේ ප්‍රධාන ආහාරය පළතුරු මැස්සන් බව විද්‍යාඥයන් පවසයි. ඔවුන්ගේ විශේෂ හැසිරීම ගැන අවධානය යොමුකළ චීන විද්‍යාඥයන් 2012 වර්ෂයේ දී වැඩිදුර පර්යේෂණ ආරම්භ කර ඇත. කෙසේ වුවද මෙම සිද්ධිය ඔවුන්ට නිරීක්ෂණය වන්නේ 2017 වර්ෂයේ ජූලි මාසයේ දී ය.
පොඩි පැටවුන් සිය මව අසළට පැමිණ උදරයේ පහළ කොටස මිරිකා සුදු පැහැති යම් දියරයක් පානය කරන බව ඔවුහු අන්වීක්ෂයක් මගින් නිරීක්ෂණය කළේය. උදරයට යටින් මෘදු ඇඟිල්ලක් වැනි යම් අවයවයකින් මේ දියරය වෑස්සෙන බව පර්යේෂකයෝ පවසති. බිහිවූ පසු පළමු දින 20 මවගේ කිරිවලින් යැපෙන මේ මකුළු පැටවුන් ඉන් පසු වෙනත් ආහාර ගත්ත ද තවත් සති තුනක පමණ කාලයක් මවගේ කිරි බීමට කටයුතු කරන බව ද පර්යේෂකයන් සඳහන් කරයි. මෙම පර්‍යේෂණයේදී කූඩු 19 ක් පුරා පැතිරී ඇති මකුළු පැටවුන් 187ක් අධ්‍යනය කළ අතර ඉන් මාතෘ රැකවරණය මෙන්ම ස්ථාවර කිරි ආහාර වේලක් භුක්ති විඳින අයගේ පැවැත්ම සියයට 76 කි. දින 20 කට පසු මව්වරුන් අහිමි වූවන් අතර දිවි ගලවා ගැනීම සියයට 50 ක් දක්වා පහත වැටුණි. මෙම මකුළු කිරි පිළිබඳ කරන ලද අධ්‍යයනයෙන් අනාවරණය වී ඇත්තේ එහි මූලික සංරචක සියල්ල ක්ෂීරපායී සතුන්ගේ කිරිවලට සමාන බවයි. කිරි මිලි ලීටරයක සීනි මිලිග්‍රෑම් දෙකක්, මේදය මිලිග්‍රෑම් පහක් සහ ප්‍රෝටීන මිලිග්‍රෑම් 124ක් අඩංගු වෙයි. පර්යේෂකයන් පවසන්නේ මේ කිරි එළදෙනකුගේ කිරිවලට වඩා හතරගුණයක් පෝෂණ ගුණයෙන් අධික බවයි. ඒ අනුව මෙම මකුළු විශේෂයට අමතරව තවත් මකුළු විශේෂ මෙලෙස ක්ෂීරපායි සත්ත්වයන් ලෙස හැසිරෙන්නේ දැයි වැඩිදුර අධ්‍යනය කළ යුතුව පවතී.
by Dilki Shamani
Photo source : Internet
792 Views
Comments