කාන්තා ආර්ථික සවිබල ගැන්වීම පිළිබඳ ජපාන ශ්‍රී ලංකා ඒකාබද්ධ සම්මන්ත්‍රණය සාර්ථකව අවසන්

ඊයේ (07) ජපාන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලාංකික සංවිධානයක් වන Women in Management (WIM) සමඟ එක්ව ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී කාන්තා ආර්ථික සවිබල ගැන්වීම පිළිබඳ ඒකාබද්ධ සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.
කාන්තා ආර්ථික නියෝජනය සවිබල ගැන්වීම සහ ප්‍රගතිය සඳහා වන G20 සන්ධානය වන “EMPOWER” සඳහා ජපානයේ නියෝජිත Michiko Achilles මහත්මිය ඇතුළු ගෞරවනීය මණ්ඩලයේ සාමාජිකයින් විසින් පිරිනමන ලද මෙම විද්වත් සාකච්ඡාව කාන්තා ආර්ථික සවිබල ගැන්වීමේ අභියෝග සහ යහපත් භාවිතයන් සහ තීරණවලට සහභාගී වීම පිළිබඳව ආලෝකයක් ලබා දුන්නේය.
ශ්‍රී ලංකාව 115 වැනි ස්ථානයේ ද ජපානය තවමත් ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතරය දර්ශකයේ 125 වැනි ස්ථානයේ පසුවන නමුත් එය මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීමට හේතුවක් නොවිය යුතු බව සිය ආරම්භක අදහස් දැක්වීමේදී තානාපති මිසුකෝෂි පෙන්වා දුන්නේය.
ජනාධිපති උපදේශිකා රෝසි සේනානායක මහත්මිය ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර විද්වත් කථිකාව WIM ආයතනයේ වෛද්‍ය සුලෝචනා සේගේරා මහත්මිය විසින් මෙහෙයවන ලදී. හේමාස් හෝල්ඩිංග්ස් හි ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය, ක්‍රිසාලිස් හි ප්‍රධාන විධායක නිලධාරී අෂිකා ගුණසේන මහත්මිය සහ UNDP හි ශ්‍රී ලංකා නේවාසික නියෝජිත Azusa Kubota මහත්මිය Michiko Achilles මහත්මිය සමඟ අදහස් හුවමාරු කර ගත්හ.
මෙම වැඩසටහන මගින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥයින් සහ කාන්තාවන් සම්බන්ධ ව්‍යවසායකයින් අතර ජාලයක් ස්ථාපිත කිරීමට සහ වැඩිදියුණු කළ කාන්තා සවිබල ගැන්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර අනාගත සහයෝගීතාවයේ හැකියාවන් ගවේෂණය කළේය.
498 Views
Comments