ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ජපානයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ජපානයට

ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ජපානයට

ජපානයේ ෆුජිනෝමියා නගරයේ සුගත ආරාමයේ තැන්පත් කිරීම සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශ්‍රී මහා බෝ අංකුරයක් ජපානයට වැඩම කර තිබේ.

 

ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා විසින් තෝකියෝ නුවර චාන්සරි පරිශ්‍රයේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය භාරගැනීම සිදුකරන ලදී.

 

ශ්‍රී ලංකා චූලගන්ති පාර්ශ්වයේ මහා නායක ස්වාමින් වහන්සේ සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ, ආරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය ශාස්‌ත්‍රපති ගන්තුනේ අස්සජි හිමිපාණන් වහන්සේ ඇතුළු ථෙරවාදී බෞද්ධ නිකායේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා ඇතුළු දූත පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. 

 

මේ සඳහා වැඩම කළ ස්වාමීන් වහන්සේලාට දානමය පිංකමක් තානාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී. 

 

තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තානාපති කාර්ය මණ්ඩලය විසින් පිරිනමන ලද දානමය පිංකමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනයක් ද සිදු විය.

 

views

383 Views

Comments

arrow-up