SEP
04
ජපාන පැසිපන්දු කණ්ඩායම Cabo Verde පරාජය කරයි

ජපාන පිරිමි පැසිපන්දු කණ්ඩායම FIBA ලෝක කුසලාන තරඟාවලියේදී Cabo Verde පරාජය කරමින් ලබන වසරේ පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ඇත.
පෙරේදා (02) ඔකිනාවාහිදී බටහිර අප්‍රිකානු කණ්ඩායම ලකුණු 80-71ක් ලෙස පරාජය කිරීමට ජපාන ක්‍රීඩකයෝ සමත් වූ අතර එමගින් මෙවර ලෝක කුසලානයට සහභාගි වන ආසියානු රටවල් අතර පෙරමුණ ගැනීමට සමත් විය.
ජපානය සත්කාරක රට ලෙස 2021 වසරේ තෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ නමුත් වසර 48කට පසුව සුදුසුකම් ලැබීමේ තරගයක ප්‍රතිඵලයක් ලෙස පිරිමි කණ්ඩායම ඔලිම්පික් උළෙලට වරම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.
436 Views
Comments