විශේෂ වංචා නඩුවකට සම්බන්ධ දෙදෙනෙක් කාම්බෝජයේ සිට ගෙන්වා ගැනේ

විශේෂ වංචා නඩුවකට සම්බන්ධ බවට සැකපිට කාම්බෝජයේ සිට ආපසු ගෙන්වා ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජපාන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් නම් 55 හැවිරිදි Shigeru Sato සහ 48 හැවිරිදි Hiroki Ito නම් වේ.
ඔවුන් කාම්බෝජය පදනම් කරගත් විශේෂ වංචා කණ්ඩායමක සාමාජිකයින් බවට විශ්වාස කෙරේ.
සැකකරුවන් දෙදෙනා රැගත් ගුවන් යානය අද (16) අලුයම තෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළ වෙත ළඟා වූ අතර යානය ජපාන ගුවන් සීමාවට ඇතුළු වීමෙන් පසු අලුයම 3:40 ට පමණ යානයේ දී දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
362 Views
Comments