පිටි මිල ඉහළ දැමීමට මෝල් හිමියන්ගෙන් තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

පිටි මිල ඉහළ දැමීමට මෝල් හිමියන්ගෙන් තීරණයක්

පිටි මිල ඉහළ දැමීමට මෝල් හිමියන්ගෙන් තීරණයක්

ප්‍රධාන පිටි මෝල් සමාගම් තුනක් වන Nisshin Floring, Nippun සහ Showa Sangyo ජුනි 20 වැනිදා සිට පිටි මිල ඉහළ දමන බව වාර්තා වේ.

 

ඒ ආණ්ඩුව විසින් ආනයනික තිරිඟුවල මිල අප්‍රේල් මාසයේ සිට ඉහළ නැංවීමට අමතරව,  බෙදාහැරීමේ වියදම්, විදුලි ගාස්තු වැනි වියදම් ඉහළයෑම හේතුවෙනුයි.

 

ඒ අනුව පාන් සහ අනෙකුත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන රළු පිටි කිලෝග්‍රෑම් 25 ක මිල යෙන් 235 කින් ඉහළ යනු ඇති අතර උදොන් නූඩ්ල්ස් සහ රසකැවිලි සඳහා භාවිතා කරන මධ්‍යම ප්‍රමාණයේ සහ මෘදු පිටි වල මිල යෙන් 135 සිට 140 දක්වා ඉහළ යනු ඇත.එමෙන්ම ගෘහස්ථ තිරිඟු පිටි යෙන් 30 කින් වැඩි කෙරේ.

views

239 Views

Comments

arrow-up