ජපානයේදී මියගිය ශ්‍රී ලාංකික තරුණියගේ අවසන් දින කිහිපයේ වීඩියෝව එළියට (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

ජපානයේදී මියගිය ශ්‍රී ලාංකික තරුණියගේ අවසන් දින කිහිපයේ වීඩියෝව එළියට (VIDEO)

ජපානයේදී මියගිය ශ්‍රී ලාංකික තරුණියගේ අවසන් දින කිහිපයේ වීඩියෝව එළියට (VIDEO)

ජපානයේ නගෝයා හි පිහිටි රඳවාතැබීමේ මධ්‍යස්ථානයකදී මරණයට පත්වූ විශ්මා සඳමාලිගේ අවසාන දින කිහිපය දැක්වෙන CCTV වීඩියෝවක් එම කාන්තාවගේ ඥාතීන්ගේ නීතිඥයින් විසින් නිකුත් කර තිබේ.

 

මීට වසර දෙකකට පමණ පෙර ඇය මරණයට පත්වූ අතර එවිට 33 හැවිරිදි වියේ පසුවූවාය.

 

වීසා කාලය ඉක්මවා ජපානය තුළ රැඳී සිටියේ යැයි චෝදනා කරමින් ඇයව සංක්‍රමණිකයින් රඳවාතබන මධ්‍යස්ථානයක් වෙත යවා තිබුණි.

 

2021 වසරේ මාර්තු 06 වනදා සඳමාලිගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේම වෙනස් වූ බව බලධාරීන් පවසා තිබේ.

 

ඇයගේ මරණයෙන් අනතුරුව විශ්මාගේ සහෝදරිය වන නයෝමි නිසංසලා ජපානයට ගොස් බලධාරීන්ට එරෙහිව නඩු පැවරුවාය.

 

එම පැමිණිල්ලෙන් ඇය බලධාරීන්ට චෝදනා කර ඇත්තේ තම සොහොයුරිය මරණයට පත්කර ඇති බවය.

 

ඒ සම්බන්ධයෙන් නිසංසලා පැවසුවේ "මම හිතන්නේ මිනිසුන් මෙම වීඩියෝව නරඹලා තීරණයක් ගනීවී. ඒ වගේම මගේ සොහොයුරියටත් ලොකු අසාධාරණයක් වී ඇති බව ඔවුන් පිළිගනීවී." ලෙසයි.

 

 

views

541 Views

Comments

arrow-up