ජපානය ලෝකය හා සම්බන්ධ කරන Anime!

Anime කිව්වම ඕනෑම කෙනුකට ජපානයේ anime සිහියට නැගෙනවා නිසැකය. මා මෙය ලිවීමට පෙර you tube හි ඇති anime සම්බන්ද comment කිහිපයක් පිලිබදව අවදානය යොමු කරන්න කැමතිය.එහි සදහන් වුයේ “ජපානය ඇත්තෙන්ම anime වල වගේමද” “ජපන් පාසල් ඇත්තෙන්ම anime වල වගේමද?” ඇත්තෙන්ම එහි වූ comment දුටු විට මට හැගුන දෙයක් නම් ඇත්තටම anime බලන ගොඩක් දෙනාගේ සිතුවිලි වන්නේ ජපානය cartoon රටක් ලෙසටය. සමහරුන් anime මගින් ජපානය පිළිබද ආශාවක් ඇති වී ජපානයේ ජීවත් වීමට කැමැත්තක් දක්න්වන අතර ජපානයට ගිය විට වැටහෙන දෙයක්නම් anime හා එතරම් ප්‍රබල සමානකම් දක්නට නොමැති වීමයි. කෙසේ වෙතත් ජපනුන් මෙන්ම ලෝකයේ බොහෝ දෙනෙක්ගේ අවදානය යොමු වී ඇති anime පිලිබදව මෙහිදී මම කෙටි හැදින්වීමක් කිරීමට කැමතිය.
anime බොහෝවිට ජපානයේනම් කුඩා ළමුන් අතර විශේෂයෙන් ජනප්‍රියයි. ඒ වගේම තරුණ ළමයින් අතරද එතරම්ම ජනප්‍රිය වුවත් එය ප්‍රකාශ නොකරන්නේ දැයි හැගේ. එමෙන්ම ජපානයේ animeහි ඇති චරිත උපයෝගී කර ගනිමින් විවිද නිෂ්පාදන මෙන්ම අවන්හල් ද සකසා ඇති බව සදහන් කිරීමට කැමතිය. anime බොහෝ විට ජපානය ලෝකය හා සම්බන්ද කරන තවත් එක් මාර්ගයක් ලෙස හැදින්විය හැකිය. විදේශිකයන් බොහොමයක් anime හරහා ජපානය ගැන බොහෝ දේ දැන හැදින ඒ හරහා ජපානයේ සංචාරය කිරීමට කැමැත්තක් දක්වන බවද වැටහේ.
ජපානයේ anime තේමාවට යොදා ගනිමින් සැකසුනු අවන්හල් දක්නට ලැබේ.එහි සිටින සේවිකාවන්ද එම animeහි ඇති චරිතයකට සමාන ආකාරයකින් සැරසී සිටි.එය ඇත්තෙන්ම සිත් ඇද ගන්නා දර්ශනයකි. උදාහරණයක් ලෙස:Maid cafe මෙය ජපානයේ anime හා සම්බන්දව පවත්වාගෙන යන අවන්හලක් වන අතර ජපානයේ ප්‍රසිද්ධියට පත්ව යමින් පවතී
ජපානයේදී දුටු තවත් දෙයක් නම් කුඩා ළමුන් එවන් anime වල කුමක් හෝ චරිතයකට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් එම චරිතය මගින් සකසා ඇති විවිද දේ මිලදී ගැනීමට උනන්දුවක් දක්වයි. එහෙමන්ම ඒ චරිතය ආකාරයට විලාසිතා කිරීමටද කැමැත්තක් දක්වයි.
koi to uso, kakegurul,Naruto තරුණයන් අතරද One piece,Dragon ball super,droyomon කුඩා ළමුන් අතරද බොහෝ ලෙස ජනප්‍රිය වූ anime වේ.
තවත් දෙයක් නම් ජපානයේ game ක්‍රීඩා කිරීම ඇත්තෙන්ම ඉහලය එහි ප්‍රතිපලයක් ලෙස බිහි වූ pokemon game එක anime දක්වා වර්දනය වූ අවස්ථාද ඇති අතර එහි චරිත යොදා ගනිමින් නිපද වූ විවිධ වෙළද භාණ්ඩද දක්නට ලැබෙයි.
උපුටාගැනීමකි.
320 Views
Comments