LGBTQ ක්‍රියාකාරීන් Pride 7 සමුළුව පැවැත්වීමට සූදානම් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

LGBTQ ක්‍රියාකාරීන් Pride 7 සමුළුව පැවැත්වීමට සූදානම් වේ

LGBTQ ක්‍රියාකාරීන් Pride 7 සමුළුව පැවැත්වීමට සූදානම් වේ

ජපාන LGBTQ ක්‍රියාකාරීන් සහ අයිතිවාසිකම් කණ්ඩායම් විසින් ජපානයේ පැවැත්වෙන G7 සමුලුවට පෙර මෙම මස අගදී තෝකියෝ හි මංගල Pride7 සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ.

 

LGBTQ පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන නීතියක් නොමැති G7හි එකම සාමාජිකයා ජපානයයි.

 

ඒ අනුව මොවුන් තවත් සංවිධාන දෙකක් සමඟ සම්බන්ධ වී අද(23) Pride7 දියත් කරන බව නිවේදනය කළේය.

 

එය ජපානයේ LGBTQ නීතියක් සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාවෙන් G7 සංවිධායකයින් සඳහා ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කරන අතරම අනෙකුත් රටවල ගැටළු විසඳීමටද සැලසුම් කරයි.  

 

P-7 ට වෙනත් G7 සාමාජිකයින් හය දෙනෙකු මෙන්ම තායිලන්තය, වියට්නාමය, බොට්ස්වානා සහ මෙක්සිකෝව සහ යුරෝපා සංගමය ඇතුළුව තවත් රටවල් 10 ක සංවිධාන සම්බන්ධ කර ඇත.

 

views

226 Views

Comments

arrow-up