ජපාන අගමැතිට දුම් බෝම්බ ප්‍රහාරයක්

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
වකයාමා ප්‍රාන්තයේ සයිකසාකි ධීවර වරායේ දී අද (15) එල්ල වූ මෙම ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.
වරායේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව දේශනයක් පැවැත්වීමට සූදානමින් සිටින අතරතුරයි මෙම දුම් බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණේ.
සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු විස්සත් තිහත් අතර පුද්ගලයකු ජපාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරේ ජූලි මාසයේදී හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ද රැස්වීමක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්විය.
390 Views
Comments