ජපානය ගොඩ යන හැටි

ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ ජපාන මුදල් ඒකකය දුර්වල වුව ද එරට ආර්ථිකය වර්ධනයක් අත්කර ගෙන ඇති බවයි.
වාර්තා වන්නේ ජපානයේ අපනයන ඉහළ යාම මීට හේතු වී ඇති බවයි.
පසුගිය කාර්තුව තුළ දී එරට ආර්ථිකය අපේක්ෂා කළ වේගයට වඩා වැඩි වේගයකින් වර්ධනය වන ආකාරය දැක ගත හැකියි.
සඳහන් වන්නේ ජපානය ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර පසුගිය කාර්තුවේ දී එරට දළ දේශීය නිෂ්පාදිතය 6%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
එය අපේක්ෂා කළ අගය මෙන් දෙගුණයක් පමණ වනවා.
වාර්තා වන්නේ වසර 3කින් අත්කර ගත් ඉහළම ආර්ථික වර්ධන වේගය ද මෙය බවයි.
එමෙන්ම ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාමට යෙන් මුදල් ඒකකය අවප්‍රමාණය වීම බලපා ඇති බවයි.
645 Views
Comments