කඹයක් ගෙලෙහි එතීමෙන් පාසල් සිසුවෙක් රෝහලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

කඹයක් ගෙලෙහි එතීමෙන් පාසල් සිසුවෙක් රෝහලේ

කඹයක් ගෙලෙහි එතීමෙන් පාසල් සිසුවෙක් රෝහලේ

ඊයේ (02) පෙරවරු 10.30 ට පමණ සයිටමා ප්‍රාන්තයේ කුකී නගරයේ කුරිහාෂිහිගාෂි හි පිහිටි නාසුනා නෝ මෝරි තවාන් පාසලේ ක්‍රීඩා පිටියේ තිබූ කඹයක් දරුවෙකුගේ බෙල්ලේ එතී අනතුරක් සිදුව තිබේ.

 

වයස අවුරුදු 3ක පිරිමි ළමයෙකු වන දරුවා රෝහලට ප්‍රවාහනය කළ නමුත් සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පැවසේ.

 

අනතුර සිදුවන අවස්ථාවේ ළමයින් 30කට වැඩි පිරිසක් සෙල්ලම් කරමින් සිටි අතර, ඔවුන් දෙස පාසලේ ගුරුවරුන් හය දෙනෙක් බලා සිටියහ.  

 

කඹය සවිකළ ආකාරය සහ අනතුර සිදුවූ ආකාරය පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

244 Views

Comments

arrow-up