ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ල කෑ තිදෙනෙක් කොටුවේ

තෝකියෝවේ ඔමොටෙසැන්ඩෝ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනෙකු සමග එක්ව ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට 50 හැවිරිදි පුද්ගලයෙකු තෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සයිටමා ප්‍රාන්තයේ හිගාෂිමාට්සුයාමා නගරයේ ජීවත් වන හිඩේකි සුසුකි නම් ඔහු පසුගිය ඉරිදා රාත්‍රී 8 ට පමණ කළු ඇඳුමින් සැරසී හිස්වැසුම් පැළඳ අනෙක් සැකකරුවන් දෙදෙනාද සමග අදාල වෙළඳසැලට ඇතුළු වී තිබේ.
පසුව ඔහු කවුන්ටරය පිටුපස සිටි සේවකයෙකුට පිහියක් පෙන්වා මුදල් ඉල්ලා සිටි අතර අනෙක් දෙදෙනා මිටිවලින් ප්‍රදර්ශන කුටි කඩා මාල සහ මුදු රැගෙන පලාගොස් තිබේ.
පසුව ඔවුන් පලාගිය මෝටර් රථය වෙළඳසැලෙන් පිටත නිරීක්ෂණ කැමරා දර්ශනවලින් හඳුනා ගැනීමෙන් පසුව පොලිසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
270 Views
Comments