ජපානයේ මන්කි පොක්ස් ආසාධිතයින් ඉහළට

වසූරියට සමාන බෝවන රෝගයක් වන මන්කි පොක්ස් රෝගය වැළඳුණු නව රෝගීන් 10 දෙනෙකු ජපානයෙන් තහවුරු වූ බව සෞඛ්‍ය, කම්කරු හා සුබසාධන අමාත්‍යාංශය ඊයේ (11) නිවේදනය කළේය.
ඒ අනුව මුළු මන්කි පොක්ස් රෝගීන් සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති අතර සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ආයතනයකට යන ලෙසයි.
සෞඛ්‍ය, කම්කරු හා සුභසාධන අමාත්‍යාංශයට අනුව ජපානයේ පළමු ආසාදිතයා 2022 ජූලි 25 වන දින තහවුරු වූ අතර 2022 දී පුද්ගලයින් අට දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇත.නමුත් මේ වසරේ එම සංඛ්‍යාව 98 දක්වා ඉහළ ගොස් තිබේ.
268 Views
Comments