ඉනාවාෂිරෝ විලෙහි ගන්ධයක්

ෆුකුෂිමා ප්‍රාන්තය මධ්‍යයේ පිහිටි ඉනාවාෂිරෝ විලෙහි ගන්ධයක් ඇති වී තිබේ.
මෙයට හේතු වී ඇත්තේ කලින් අධික ආම්ලිකතාවයකින් යුක්ත වූ වැවේ ජලයේ වෙනසක් සිදුවීමයි.
පසුගිය වසර 30 තුළ එහි ජලය උදාසීන වී ඇති අතර ජලයෙහි පෝෂ්‍ය පදාර්ථද වැඩි වී තිබේ.
වැවේ වත්මන් pH අගය 6.8ට ආසන්නව මධ්‍යස්ථ වන අතර ආම්ලිකතාවයේ ප්‍රභවයක් වන හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය මීට වසර 30කට පෙර තිබූ ප්‍රමාණයෙන් හැටෙන් එකකට වඩා අඩුවී තිබේ.
ප්ලාන්ක්ටන් සහ ජලජ පැලෑටි එහි බහුල වී ඇති අතර මාළු සහ ඉස්සන් වර්ධනයට හිතකර පරිසරයක් නිර්මාණය වී ඇත.
එමෙන්ම ජලයෙහි පැහැදිලිකමද මීට වසර 30 කට පෙර පැවති මට්ටමට වඩා වැඩි ය.
281 Views
Comments