බොන් නිවාඩු සමයේ කොරෝනා රෝගීන් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

බොන් නිවාඩු සමයේ කොරෝනා රෝගීන් ඉහළට

බොන් නිවාඩු සමයේ කොරෝනා රෝගීන් ඉහළට

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගතවූ සතිය තුළ වෛද්‍ය ආයතන 5,000 ක් පමණ කොරෝනා රෝගීන් 77,937 ක් වාර්තා කර ඇති බවයි. 

 

එම සංඛ්‍යාව පෙර සතියට වඩා 565 කින් අඩු වී තිබේ.

 

කියුෂු හි නිරිතදිග කලාපයේ ප්‍රාන්ත හතරකින් ආයතනයකට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය.  

 

කෙසේවෙතත් සෞඛ්‍ය අංශ අනතුරු අඟවන්නේ වසංගතය ආරම්භ වූ දා සිට සෑම වසරකම අගෝස්තු මාසයේ බොන් නිවාඩුවෙන් පසුව ආසාදන ඉහළ ගොස් ඇති බවයි.

 

මේ හේතුවෙන් මුහුණු ආවරණ පැළඳීම සහ වෙනත් ආසාදන විරෝධී ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිති.

views

326 Views

Comments

arrow-up