ලංකාවේ ණය ගෙවන්න ජපානයෙන් වේදිකාවක්

ජපානය, ප්‍රංශය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීමට ණයහිමියන් සඳහා නව වේදිකාවක් ප්‍රකාශයට පත් කරන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි ප්‍රකාශ කර ඇත.
චීනයටත් මේ සඳහා එකතු විය හැකි නම් එය ඉතාමත් වටින බව සුසුකි පෙන්වා දී තිබේ.ජපානය, ප්‍රංශය සහ G20 සමුළුවේ සභාපතිත්වය දරන ඉන්දියාව ආරම්භ කිරීමට යන නව වේදිකාව පිළිබඳ නිවේදනය සිදු කරන බව G7 මූල්‍ය නායකයින්ගේ රැස්වීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මුදල් අමාත්‍ය සුසුකි පෙන්වා දී තිබේ.
නව වේදිකාව යටතේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිත බව පැවැසෙයි.
340 Views
Comments