Yamagata අධිවේගී මාර්ගයේ අනතුරකින් තිදෙනෙකු ජිවිතක්ෂයට

ඊයේ (02) සවස 2.10 ට පමණ යමගතා ප්‍රාන්තයේ Tsuruoka නගරයේ Yamagata අධිවේගී මාර්ගයේ දී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරෙන් එක් මෝටර් රථයක් ගිනිගත් අතර මිනිත්තු 50 කට පමණ පසු ගින්න නිවා දමන ලදී.
අනතුරෙන් තුවාල ලැබූ තරුණ පිරිමි ළමයෙකු, වයස අවුරුදු 20 ක කාන්තාවක් සහ වයස අවුරුදු 70 ක කාන්තාවක් රෝහල් ගත කර ඇති අතර ඔවුන් සියල්ලන්ම මඳ වේලාවකට පසු මියගොස් ඇති බව තහවුරු විය.
අනතුරට හේතුව සොයා ප්‍රාන්ත පොලිස් අධිවේගි ඒකකය පරීක්ෂණ පවත්වයි.
240 Views
Comments