දුම්රිය සේවකයෙකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

දුම්රිය සේවකයෙකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට

දුම්රිය සේවකයෙකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට

ඊයේ (22) ෆුකුඕකා ප්‍රාන්ත පොලිසියේ යහතනිෂි පොලිස් ස්ථානය විසින් පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට මුනකටා නගරයේ ජීවත් වන කිටකියුෂු නගරයේ යහතහිගෂි වෝඩ් කාර්යාලයේ සේවකයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

 

මෙම පුද්ගලයා 21 වැනිදා රාත්‍රී 11.45 ට පමණ එම නගරයේම යහතනිෂි වෝඩ්හි පිහිටි ජේආර් කුරොසාකි දුම්රිය ස්ථානයේ කාර්යාලයේදී පිරිමි දුම්රිය සේවකයකුගේ මුහුණට පහර දී ඇතැයි සැක කෙරේ.  

 

ඔහු ප්‍රවේශපත්‍ර ගේට්ටුවෙන් නීතිවිරෝධී ලෙස ගමන් කරන්නට තැත් කිරීම නිසා දුම්රිය සේවකයෝ ඔහුට කතා කොට කාර්යාලයට කැඳවාගෙන ගොස් තිබේ.එම අවස්ථාවේදී මෙම පහරදීම සිදුව ඇත.

views

223 Views

Comments

arrow-up