APR
10
ජපන් විශ්වවිද්‍යාල ChatGPT භාවිතය තහනම් කරයි

ජපාන විශ්වවිද්‍යාලවල AI යෙදුමක් වන ChatGPT භාවිතය තහනම් කර තිබේ.
සොෆියා විශ්ව විද්‍යාලය මාර්තු 27 වන දින එහි නිල වෙබ් අඩවියේ සිසුන්ට සහ පීඨයට ChatGPT සහ අනෙකුත් AI chatbots සම්බන්ධව සිය ප්‍රතිපත්තිය නිකුත් කළේය.
ඒ අනුව උපදේශකයන්ගේ අවසරයකින් තොරව පත්‍රිකා, වාර්තා, රචනා සහ නිබන්ධන වැනි කිසිදු පැවරුමක් සඳහා ChatGPT සහ අනෙකුත් AI chatbots මගින් ජනනය කරන ලද ප්‍රතිඵල භාවිතයට අවසර නැත.
එසේ භාවිතා කළ බවට තහවුරු වුවහොත් දැඩි පියවර ගනු ලැබේ.
260 Views
Comments