සුභ ළමා දිනයක් වේවා!
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
05

සුභ ළමා දිනයක් වේවා!

සුභ ළමා දිනයක් වේවා!

ජපාන ළමා දිනය වාර්ෂිකව වසරේ පස්වන මාසයේ පස්වන දින සමරනු ලැබේ.  ජාතික නිවාඩු දිනයක් වන මෙම දිනය අප්‍රේල් 29 සහ මැයි 5 අතර වැටෙන ස්වර්ණමය සතියේ නිවාඩු කාලයෙහි කොටසක් වන අතර එහිදී අප්‍රේල් 29 සහ මැයි 3, 4 සහ 5 ජාතික නිවාඩු දින වේ.

 

ජපන් ජනයා මැයි 5 දක්වා සති කිහිපය තුළ නොපසුබස්නා උත්සාහයෙන් ශක්තිය සහ සාර්ථකත්වය නියෝජනය කරන වර්ණවත් කොයිනොබෝරි (කාෆ් සරුංගල් ) සාදනු ලබයි.

 

සාම්ප්‍රදායිකව පවුලේ පියා සහ පුතුන් සඳහා මෙම සරුංගල් එල්ලා තබනු ඇත.  වර්තමානයේ, බොහෝ පවුල් සම්ප්‍රදායට අනුගත වුවද පවුලේ සෑම සාමාජිකයෙකු සඳහාම මේවා එල්ලා තබයි.

 

ළමා දිනය සැමරීම සඳහා පළාත් පාලන ආයතන සහ වෙනත් සංවිධාන විසින්ද මේවා නගරය පුරා එල්ලා ඇත.

 

views

286 Views

Comments

arrow-up