MAR
30
චීන නැව් 4ක් ජපන් මුහුදේ

11 වන ප්‍රාදේශීය වෙරළාරක්ෂක මූලස්ථානයට (Naha City) අනුව අද (30) පෙරවරු 11.08 සිට 11.46 පමණ දක්වා චීන වෙරළාරක්ෂක බලකායේ නැව් හතරක් සෙන්කාකු දූපත් සහ මිනමිකොජිමා නගරයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ යාත්‍රා කර ඇත.
ඒ අනුව ජපාන වෙරළාරක්ෂක මුර යාත්‍රාවක් මෙම නැව් හතරට ජපානයේ මුහුදු සීමාවෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.
පසුගිය 24 වැනිදායින් පසු චීන වෙරළාරක්ෂක නෞකාවක් ජපාන මුහුදු සීමාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
237 Views
Comments