ඕසකා නගරාධිපති ජීවත් වන මහල් නිවසට කඩා වැදුණු අයෙක් අත්අඩංගුවට

ඕසකා ප්‍රාන්තයේ යාඕ නගරයේ ඕසකා නගරාධිපති ඉචිරෝ මට්සුයි ජීවත් වන මහල් ගොඩනැගිල්ලට නීති විරෝධී ලෙස ඇතුළු වූ බවට සැකපිට 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
France 10 රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදියෙකු බව කියන කෙන්ජි ඔයිකාවා නම් අදාල සැකකරු රාත්‍රී 8 ට පමණ සුඛෝපභෝගී මහල් නිවාස ගොඩනැගිල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඔයිකාවා හයවන මහලේ සිටිනු දැකීමෙන් පසු ආරක්ෂක නිලධාරියෙකුට ඔහු ගැන සැකයක් ඇති වී පොලිසියට කතා කර තිබේ.
ගොඩනැගිල්ලේ ඉදිරිපස දොරටුවේ ස්වයංක්‍රීය අගුලක් ඇත. නමුත් ඔයිකාවා ගොඩනැගිල්ලට ඇතුළු වූයේ කෙසේදැයි පොලිසිය ප්‍රකාශ කර නොමැති අතර ඔහු ළඟ පිහියක් හෝ ආයුධ තිබුණේ නැත.
259 Views
Comments