මවට කතුරකින් පහරදුන් දියණිය අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

මවට කතුරකින් පහරදුන් දියණිය අත්අඩංගුවට

මවට කතුරකින් පහරදුන් දියණිය අත්අඩංගුවට

හොක්කයිඩෝ ප්‍රාන්තයේ හකෝඩේට් ප්‍රදේශයේ පොලිසිය විසින් 27 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් තම 56 හැවිරිදි මවට කතුරකින් ඇන පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

පසුගිය සෙනසුරාදා පෙරවරු 11.30ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර තුවාල ලැබූ මවගේ දකුණු අතේ සෙන්ටිමීටර 1.5 ක කැපුමක් සිදුවී ඇති අතර ඒ සඳහා මැහුම් දෙකක් අවශ්‍ය විය.

 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බීමතින් සිටි දියණිය තම මවට කතුරකින් පහර දුන් බව පිළිගෙන ඇතත් එයට හේතුව නොදැක්වූ බව පොලිසිය පවසයි.

 

views

232 Views

Comments

arrow-up